ගොවි ජනතාවගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

October 1, 2024

පොහොර සහනාධාරය අත්හිටුවීමට මැතිවරණ කොමිසම ගත් තීරණයට එරෙහිව ගොවි සංවිධාන අද (01) මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරනලදි.

ගොවි ජනතාව මෙන්ම ගොවි සංවිධාන රැසක් අවධාරණය කර සිටියේ මහා කන්නයට ලැබිය යුතු සහනාධාරය නොලැබුණ හොත් එය අස්වනුවලට දැඩිලෙස බලපානු ඇති බවයි.

මහා කන්නයේ වී ගොවීන් සදහා රුපියල් 25000ක දීමනාවක් ලබාදීමට පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කරනලදි.

එහෙත් එම තීරණය බලාත්මක කිරීම කල්දමන ලෙසයි මැතිවරණ කොමිසම ඉල්ලා සිටියේ.

මෙම තීරණය තුළින් අනෙකුත් පාර්ශවයන්ට අගතියක් සිදුවන බවටයි මැතිවරණ කොමිසම දැනුම් දී තිබුණේ.

එහෙත් එය අත්හිටුවීම තුළින් ඉදිරියේ දී පාරිභෝගික ජනතාව මෙන්ම ගොවීන් ද දැඩි අපහසුතාවට පත්වන බවයි ඔවුන් සදහන් කළේ.

අද දිනයේ දී ගොවි ජනතාවගෙන් ලැබුණු පැමිණිලි ලිඛිතව මැතිවරණ කොමිසමට ලබාදුන් බවයි නීතිඥ නුවන් ජයවර්ධන මහතා සදහන් කළේ.

t

o

p