බීඩි කොළ තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

October 2, 2024

ඉන්දියාවේ සිට නීතිවිරෝධිව ගෙන්වූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 412ක් සහ බීඩි පැකට් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.

ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ ගෙන්වූ මෙම බීඩි කොළ සහ බීඩි තොගය මෝටර් රථයකින් රැගෙන යමින් සිටියදීයි පොලිස් භාරයට ගෙන ඇත.

ඒ පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරකට අනුව ආරච්චිකට්ටු පොලිසිය කළ වැටලීමකදීයී.

නාරම්මල ප්‍රදේශයේ බීඩි ව්‍යාපාරිකයෙකු හා තවත් පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගත් අතර සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය ප්‍රකාශ කරයි.

t

o

p