Local News

දේශපාලන බලයට නව ව්‍යවස්ථාව ගැන වැරදි මත පතුරන්න එපා – ජනාධිපති

දේශපාලන බලය යළි ලබා ගැනිමේ අරමුණින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ වැරදි මත පැතිරවීමෙන් ජනතාවට අනාගතයේදි යළි දුක්වීමට සිදුවන්නේ යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදි අද (07) ප්‍රකාශ කළේය.

රජයේ ප්‍රතිපත්ති සකසන්නේ කෝප් කමිටුවට ඕන විදියට නොවෙයි – සභානායක

රජයේ ප්‍රතිපත්ති සකස් කරන්නේ ආණ්ඩුව මිස කෝප් කමිටුව නොවන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදි අද (07) ප්‍රකාශ කළේය. විදුලි බල මණ්ඩලය යටතේ ඇති ලංකා ට්‍රාන්ස්ෆෝමර් ලිමිටඩ් සමාගමේ අයිතිය සම්බන්ධයෙන් ඇති වූ විවාදයකදී සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේය. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ වැය ශිර්ෂ විවාදයේදි සුනිල් හදුන්නෙත්ති මහතා නැගු ප්‍රශ්නයකට පිළිතුරු Read More

ජයම්පතිට එල්ලවූ තර්ජනය ගැන පොලිස්පති හරහා පරික්ෂණයක් – නියෝජ්‍ය කතානායක

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ කළමනාකරණ කමිටුවේ සම සභාපති ජයම්පති වික්‍රමරත්න මහතාට දුරකතනයෙන් තර්ජනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති මගින් විධිමත් පරික්ෂණයක් කිරිමට නියෝග කරන බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තුවේදි අද (07) ප්‍රකාශ කළේය. එක්සත් ජාතික පක්ෂ පත් කළ මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා මතු කළ වරප්‍රසාද ප්‍රශ්නය සම්බන්ධයෙන් සිය තිරණය දැනුම් දෙමින් නියෝජ්‍ය කතානායකවරයා මේ Read More

ව්‍යවස්ථා සම්පාදන කටයුතුවලින් ඉවත්වන්නැයි ජයම්පතිට තර්ජන

ව්‍යවස්ථා සම්පාදන කටයුතුවලින් ඉවත් වන ලෙස කියමින් දුරකතනයෙන් තමාට මරණිය තර්ජන එල්ල කළ බව ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයේ කළමනාකරණ කමිටුවේ සම සභාපති, එ.ජා.ප මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදි අද (07) ප්‍රකාශ කළේය. නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ අවසරය මත වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් මන්ත්‍රීවරයා මේ බව කීවේය. කිසියම් තැනැත්තෙකු තමාට ඊයේ (දෙසැම්බර් 06 දා) දුරකතන ඇමතුමක් Read More

අමාත්‍ය මලික් සමරවික්‍රමට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

ආණ්ඩුවේ දූෂිතයින්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට ආරම්භ කළ වැඩපිළිවෙළෙහි තුන්වන හෙළිදරව්ව රුපියල් සිය කෝටියක මහපොළ අරමුදල් අවභාවිත කළැයි අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාට එරෙහිව සිදු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. මහපොළ අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල හා පාසල් සංවර්ධන අරමුදල ඇසට් ට්‍රස්ට් මැනේජ්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ආයෝජනය කළැයි මලික් Read More

සැප්තැම්බර් 1 ජාතික රක්ෂණ දිනය ලෙස ප්‍රකාශයට පත් කරයි

ජාතික රක්ෂණ දිනයක් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව සෑම වර්ෂයකම සැප්තැම්බර් මස පළමු වැනිදා ජාතික රක්ෂණ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන්ය. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ප්‍රධාන රථවාහන වැරදි 7ට දඩය රු 25000යි

රථ වාහන වැරදි 7ක් සඳහා අවම දඩ මුදල රුපියල් 25,000 ක් දක්වා ඉහළ දැමිය යුතු බවට ඊයේ (21) ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මුදල් අමාත්‍ය රවී කරුණානායක, නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන මහත්වරු, පොලීසිය සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයෝ ද සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිවුණු බව කියැවෙයි. අදාළ සාකච්ඡාවේ දී Read More

බුදු දහම රකින්න රජය බැඳී සිටිනවා – අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ

1815 උඩරට ගිවිසුම අනුව බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබාදීම හා එය ආරක්ෂා කිරිම උඩරට ගිවිසුමේ කොන්දේසියක් බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ජාත්‍යන්තර වෙසක් දින උත්සවය පිළිබඳ මහනාහිමිවරුන් දැනුවත් කිරීමට පැමිණි අවස්ථාවේ ඊයේ (20) මහනුවරදි පැවැසිය. නව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේද කිසිදු වෙනස්කමකින් තොරව එම වගන්තිය සඳහන් ව ඇති බවත් රජය විසින් එය පැහැදිලිව කියා Read More

ප්‍රවීන රංගන ශිල්පී විමල් කුමාර ද කොස්තා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන රංගන ශිල්පී විමල් කුමාර ද කොස්තා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන්  ඊයේ (20) කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. 1948 වසරේ ජූලි මස 04 වැනිදා උපත ලැබූ විමල් කුමාර ද කොස්තා මහතා අභාවප්‍රාප්ත වන විට 68 වියේ පසුවුණි.

IMF දෙවැනි ණය වාරිකය ලබාදිමට නියමිතයි

මේ වසරේ ජුනි මාසයේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව ලබාදිමට අනුමත කළ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.45ක් වන සම්පූර්ණ ණය මුදලේ දෙවැනි ණය වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 162.6ක ණය මුදල ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදා හැරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල කටයුතු කර තිබේ. ඒ අනුව ඔවුන් වාරික දෙකකින් ශ්‍රී ලංකාවට ලබාදුන් සම්පූර්ණ ණය මුදල ඇමෙරිකානු ඩොලර් Read More

t

o

p