අමාත්‍ය මලික් සමරවික්‍රමට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

November 24, 2016

ආණ්ඩුවේ දූෂිතයින්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට ආරම්භ කළ වැඩපිළිවෙළෙහි තුන්වන හෙළිදරව්ව රුපියල් සිය කෝටියක මහපොළ අරමුදල් අවභාවිත කළැයි අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාට එරෙහිව සිදු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

මහපොළ අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල හා පාසල් සංවර්ධන අරමුදල ඇසට් ට්‍රස්ට් මැනේජ්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ආයෝජනය කළැයි මලික් සමරවික්‍රමට එරෙහි පැමිණිල්ලේ සඳහන් බව ඒ මහතා පැවසුවේය.

t

o

p