ව්‍යවස්ථා සම්පාදන කටයුතුවලින් ඉවත්වන්නැයි ජයම්පතිට තර්ජන

December 7, 2016

ව්‍යවස්ථා සම්පාදන කටයුතුවලින් ඉවත් වන ලෙස කියමින් දුරකතනයෙන් තමාට මරණිය තර්ජන එල්ල කළ බව ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයේ කළමනාකරණ කමිටුවේ සම සභාපති, එ.ජා.ප මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදි අද (07) ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ අවසරය මත වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් මන්ත්‍රීවරයා මේ බව කීවේය.
කිසියම් තැනැත්තෙකු තමාට ඊයේ (දෙසැම්බර් 06 දා) දුරකතන ඇමතුමක් දී ව්‍යවස්ථා සම්පාදන කටයුතුවලින් ඉවත් වන ලෙසත් එසේ ඉවත් නොවන්නේ නම් තමා ඇතුළු පවුලේ සැම මරා දමන බවට තර්ජනය කළ බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියට පැමිණිලි කළ බව කී මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මට්ටමෙන් තවදුරටත් පරික්ෂණ කරන ලෙසද ඉල්ලා සිටියේය.
ලංකා සම සමාජ පක්ෂයෙන් දේශපාලනය ආරම්භ කරපු තමන්ව මෙවැනි තර්ජනය කිරිම්වලින් බිය වැද්දිය නොහැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. ජාතික වශයෙන් ආරම්භ කර ඇති මෙම වැඩපිළිවෙල තර්ජන හමුවේ නවත්වන්නේ නැතැයිද ඔහු පැවසීය.

t

o

p