ජයම්පතිට එල්ලවූ තර්ජනය ගැන පොලිස්පති හරහා පරික්ෂණයක් – නියෝජ්‍ය කතානායක

December 7, 2016

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ කළමනාකරණ කමිටුවේ සම සභාපති ජයම්පති වික්‍රමරත්න මහතාට දුරකතනයෙන් තර්ජනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති මගින් විධිමත් පරික්ෂණයක් කිරිමට නියෝග කරන බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තුවේදි අද (07) ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂ පත් කළ මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා මතු කළ වරප්‍රසාද ප්‍රශ්නය සම්බන්ධයෙන් සිය තිරණය දැනුම් දෙමින් නියෝජ්‍ය කතානායකවරයා මේ බව සඳහන් කළේය.
ජයම්පති වික්‍රමරත්න මහතාට දුරකතනයෙන් මරණ තර්ජන කිරිමේ වරප්‍රසාද ප්‍රශ්නය පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට යොමු කරන බව සඳහන් කළ නියෝජ්‍ය කතානායකවරයා මේ සම්බන්ධයෙන් පොලිස්පති හරහා විධිමත් පිරික්ෂණයක් කරනා බවද කීවේය.
මෙවැනි දේ සිදුවිම අනුමත කළ නොකරන බවද ඒ මහතා වැඩිදුරටත් කිවේය.

t

o

p