දේශපාලන බලයට නව ව්‍යවස්ථාව ගැන වැරදි මත පතුරන්න එපා – ජනාධිපති

December 7, 2016

දේශපාලන බලය යළි ලබා ගැනිමේ අරමුණින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ වැරදි මත පැතිරවීමෙන් ජනතාවට අනාගතයේදි යළි දුක්වීමට සිදුවන්නේ යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදි අද (07) ප්‍රකාශ කළේය.
ආරක්ෂක ඇමති ලෙස ආරක්ෂක අමාත්‍යාංශ වැය ශිර්ෂ විවාදයට එක් වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වැරදි මත ඉදිරිපත් කරන ඇතමුන් වැරදි මත ඉදිරිපත් කරමින් ජනතාව නොමඟ යවන බවද ප්‍රකාශ කළ ජනාධිපතිවරයා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ඉදිරිපත්ව තිබෙන කමිටු වාර්තාව තවම සාකච්ඡා මට්ටමේ පවතින බවද ප්‍රකාශ කළේය.
එකී කරුණු පිළිබඳව මෙතෙක් කිසිදු එකඟත්වයක් නොමැති තත්ත්වයකදී සියල්ල යළි සකස් කරමින්, සංශෝධනය කරමින් ජාතියේ සුබ සිද්ධිය සඳහා වගකිමකින් යුතුව කටයුතු කරද්දි සිතට එකඟව කටයුතු කිරිම වැදගත් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන මෙන්ම ඉන්දියාව සමඟ අත්සන් කිරිමට යෝජිත එට්කා ගිවිසුම පිළිබඳ ජනතාව අතර අනවශ්‍ය බියක් ඇති කිරිමට පිරිසක් කටයුතු කරමින් සිටිනා බවද හෙතෙම පෙන්වා දුන්නේය. පැහැදිලි ජනමතයක් ඇතිව සහ උගතුන් හා බුද්ධිමතුන්ගේ අදහස් අධ්‍යයනය කිරිමෙන් පසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, වෙළෙඳ ගිවිසුම් සහ අන පනත් ගෙන එන බවද කීවේය.

t

o

p