Local News

විමල්ට එරෙහි සියළු චෝදනා අවුරුද්දට පෙර ගොනු කරන්න : අගමැති රනිල් ගෙන් උපදෙස්

ජාතික නිදහස් පෙරමුණේ නායක හා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාට එරෙහිව පවතින සියළු චෝදනා සිංහල අලූත් අවුරුද්දට පෙර ගොනු කර අවසන් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජයේ නීති අංශවලට උපදෙස් දී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාට එරෙහිව පවතින චෝදනා පදනම් කර ගනිමින් ඇප දෙනවාට  විරුද්ධත්වය නොපළ කරන ලෙසද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ Read More

ෆුල් පෙස් හිස්ආවරණ ගැටලුවට ඇමති සාගලගෙන් සහනදායී විසදුමක්

සම්පුර්ණ හිස් ආවරණ (Full face Helmets) සම්බන්ධයෙන් දැනට ඇතිවී ඇති ගැටලු පිලිබදව අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා සමග පැවති සාකච්ජාව සාර්ථකව අවසන්වූ බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය පෙන්වා දෙනවා. මෙම සාකච්ජාව 06 වැනිදා පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවති අතර මෙහිදී ෆුල් පෙස් හෙල්මන්ට් ගැටලුව Read More

පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට මන්ත්‍රීවරුන් මාධ්‍ය කුටියට පැමිණ මාධ්‍ය හමුවක් පවත්වයි

පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අද (06) පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ කුටියට පැමිණ මාධ්‍ය හමුවක් පැවැත්විය. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, ජයන්ත සමරවීර හා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරු එම මාධ්‍ය හමුවට සහභාගි වූහ. ජිනීවා මානව හිමිකම් යෝජනාව සම්බන්දයෙන් ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා තිබූ Read More

ඒකාබද්ධයේ විරෝධයක් නිසා පාර්ලිමේන්තුව කටයුතු පැයකට සීමා වෙයි

ඒකාබද්ධ විපක්ෂය සදහා පාර්ලිමේන්තු කාලය ලබා දීම තමන්ට ඇති ලොකුම ප්‍රශ්නයක් නිසා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් සහභාගි වන පක්ෂ නායක රැස්වීමකදී අවසන් තිරණයකට එලැබිය යුතුව බව කතානායක කරූ ජයසූරිය මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී පැවසීය. ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාට අවස්ථාව දීමෙන් පසු ඒකාබද්ධ විපක්ෂයේ Read More

ලබන මස සිට සභාවට පැමිණි මන්ත්‍රී නාම ලේඛණය පාර්ලිමේන්තු වෙබ් අඩවියේ

මැයි මස මුල සිට පාර්ලිමේන්තු සභාව පැවැත්වෙන දිනවල ඊට සහභාගි වෙන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛණය පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කරන බව කතානායක කරූ ජයසූරිය මහතා ඊයේ ( 06) පාර්ලිමේන්තුවේදී පැවසීය. මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න සදහා පිළිතුරු සැපයීමට අමාත්‍යවරුන් හෝ නියෝජ්‍ය අමාත්‍යවරුන් පාර්ලිමේන්තුවට පැමිණ නොසිටීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු විරෝධය පල කිරීමෙන් අනතුරුව සභාවේ එකඟතාවය මත කතානායකවරයා මේ Read More

FCID යේ ඉහළ නිලධාරීන් අරලියගහ මන්දිරයට කැඳවීමක්

මෑත කාලීන ක්‍රියාකාරකම් සහ ප්‍රගතිය විමසීම සඳහා මුල්‍ය අපරාධ කොට්ඨාශයේ (FCID) ඉහළ නිලධාරින් වහාම ක්‍රියාත්මක වන පරිදි අරලියගහ මන්දිරයට කැදවේ. මුල්‍ය අපරාධ කොට්ඨාශයේ ඉහළ නිලධාරින් මෙසේ හදිසියේම අරලියගහ මන්දිරයට කැදවෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයකට අනුවය. මුල්‍ය අපරාධ කොට්ඨාශයේ මෑත කාලීන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට ලැබුණු පැමිණිලි රැසක් Read More

ඉකුත් රජය හම්බන්තොට වරාය විකුණූ ගිවිසුම අහෝසි කරන්න මට හා ජනපතිට හැකිවුණා – අගමැති රනිල්

හම්බන්තොට වරාය හවුල් ව්‍යාපාර ගිවිසුම සකස් කරද්දි එහි ප්‍රතිලාභ වසර 10 කට පසු මෙරටට 40% ක් සහ චිනයට 60% ක් ලෙස වැඩි වෙන ලෙස සකසන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (05) ප්‍රකාශ කළේය. හම්බන්තොට වරාය චිනයට අලෙවි කිරිමේ කිසිම ගිවිසුමක් අත්සන් කරන්නේ නැති බවත් හවුල් ව්‍යාපාරයක් ලෙස කටයුතු කිරිමේ ගිවිසුමක් සකස් කිරිමට එකඟ Read More

බැදුම්කර ගනුදෙනුවෙන් අපරාධයක් වුනේ දැයි පරීක්ෂණ පවත්වනවා – ඇමති විජේදාස

ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැදුම්කර මිළදි ගැනිමේදි යම් අපරාධයක් සිදුවී ඇතිද යන්න පිළිබඳව හා යම් පුද්ගලයෙකුට එරෙහිව අපරාධ නිතිය යටතේ කටයුතු කළ හැකිද යන්න පිළිබඳව තීරණයක් ගත හැක්කේ පරික්ෂණ අවසානයේ බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (05) ප්‍රකාශ කළේය. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ ජනාධිපති විශේෂ කොමිසමක් මගින් මේ වන Read More

විනිසුරු වැටුප් සංශෝධනය වුවත් මන්ත්‍රි වැටුප් වැඩිවීමක් සිදුවෙන්නේ නෑ

අධිකරණ විනිසුවන්ගේ වැටුප් වැඩිකිරිමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිවීමක් සිදුනොවන බව බුද්ධ ශාසන හා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (05) පැවසීය. විනිසුරුවන්ගේ වැටුප් වැඩිවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 108(1) අනු ව්‍යවස්ථාව බවත් මන්ත්‍රීවරුන්ගේ වැටුප්  වැඩිවීම සිදුවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 68(1) අනු ව්‍යවස්ථාව අනුව බවත් විජේදාස රාජපක්ෂ මහතා පැවසීය. මේ අනුව විනිසුරුවන්ගේ  වැටුප් සංශෝධනය කිරීම සඳහා ගෙනා  යෝජනාව Read More

මුල්ලිකුලම් නාවික හමුදා කඳවුර ඉවත් කරන්නේ නෑ – අගමැති රනිල්

මන්නාරම් මුහුදු තීරයේ මුල්ලිකුලම් හි පිහිටි නාවික හමුදා කඳවුර රජයට අයත් භූමියක පිහිටා ඇති බැවින්  එය ඉවත් කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) පැවසිය. මුල්ලිකුලම් නාවික හමුදා කඳවුර සඳහා පෞද්ගලික ඉඩම් කිසිවක් භාවිත කර නොමැති බවත් කඳවුර ආශ්‍රිතව පදිංචි ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන්ද මෙම නාවික හමුදා කඳවුර සුවිශේෂි කාර්ය Read More

t

o

p