බැදුම්කර ගනුදෙනුවෙන් අපරාධයක් වුනේ දැයි පරීක්ෂණ පවත්වනවා – ඇමති විජේදාස

April 6, 2017

ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැදුම්කර මිළදි ගැනිමේදි යම් අපරාධයක් සිදුවී ඇතිද යන්න පිළිබඳව හා යම් පුද්ගලයෙකුට එරෙහිව අපරාධ නිතිය යටතේ කටයුතු කළ හැකිද යන්න පිළිබඳව තීරණයක් ගත හැක්කේ පරික්ෂණ අවසානයේ බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (05) ප්‍රකාශ කළේය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ ජනාධිපති විශේෂ කොමිසමක් මගින් මේ වන විට ඊට අදාළ පරික්ෂණ කරනා බවද ඇමතිවරයා සඳහන් කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීවේය. පර්පචුවෙල් ටේ‍රෂරිස් සමාගම විසින් මහ බැංකු බැදුම්කර මිලදි ගැනිමේදි අක්‍රමිකතාවයක් වී ඇතිද යන්න පිළිබඳව මන්ත්‍රීවරයා විමසා තිබුනි.
කෝප් කමිටුව මගින් කළ පරික්ෂණ වාර්තා නිතිපතිවරයා වෙත යොමු කිරිමෙන් පසු නිතිපති උපදෙස් මත පොලිස්පතිවරයා විසින් මේ සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ බවද ඇමතිවරයා සඳහන් කළේය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන තොරතුරු මත හා ජනාධිපති විමර්ශන කොමිසමේ පරික්ෂන අවසානයේ යම් පුද්ගලයෙකුට විරුද්ධව අපරා නිතිය යටතේ කටයුතු කළ හැකිද නැතිද යන්න නිතිපතිවරයාට තිරණය කළ හැකි බවද ඇමතිවරයා පැවසීය.

t

o

p