විනිසුරු වැටුප් සංශෝධනය වුවත් මන්ත්‍රි වැටුප් වැඩිවීමක් සිදුවෙන්නේ නෑ

April 5, 2017

අධිකරණ විනිසුවන්ගේ වැටුප් වැඩිකිරිමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිවීමක් සිදුනොවන බව බුද්ධ ශාසන හා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (05) පැවසීය.

විනිසුරුවන්ගේ වැටුප් වැඩිවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 108(1) අනු ව්‍යවස්ථාව බවත් මන්ත්‍රීවරුන්ගේ වැටුප්  වැඩිවීම සිදුවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 68(1) අනු ව්‍යවස්ථාව අනුව බවත් විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.

මේ අනුව විනිසුරුවන්ගේ  වැටුප් සංශෝධනය කිරීම සඳහා ගෙනා  යෝජනාව තුළින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද වැටුප් වැඩිකිරීමක් සිදුකරන බවට පළවී ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බවත් ඒම වාර්තා නිවැරදි විය යුතු බවත් ඇමතිවරයා පැවසීය.

ඇමතිවරයා මේ බව සදහන් කළේ විනිසුරුවන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් පැවැති විවාදය අතර තුර රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා මතුකළ කරුණකට පිළිතුරු දෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේද  පැවසිය.

මාධ්‍ය මඟින් මෙවැනි පුවත් පළ කිරීමෙන් ව්‍යවස්ථාදායක සභාවටම අවමානයක් සිදු වන බවත් රටේ ජනතාවට මන්ත්‍රීවරු පිළිබඳව වැරදි මතයක් යන බවත් එය මන්ත්‍රීවරුන්ගේ ගෞරවයට හානියක්. අධිකරණ විනිසුරන්ගේ වැටුප් සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 108 (1) යටතේ සිදුවනවා. මන්ත්‍රීවරුන්ගේ වැටුප් සම්බන්ධයෙන් කටයුතු කෙරෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථවේ 68 (1) අනු ව්‍යවස්ථාව අනුවයි.

t

o

p