විමල්ට එරෙහි සියළු චෝදනා අවුරුද්දට පෙර ගොනු කරන්න : අගමැති රනිල් ගෙන් උපදෙස්

April 7, 2017

ජාතික නිදහස් පෙරමුණේ නායක හා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාට එරෙහිව පවතින සියළු චෝදනා සිංහල අලූත් අවුරුද්දට පෙර ගොනු කර අවසන් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජයේ නීති අංශවලට උපදෙස් දී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාට එරෙහිව පවතින චෝදනා පදනම් කර ගනිමින් ඇප දෙනවාට  විරුද්ධත්වය නොපළ කරන ලෙසද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට දුන් උපදෙස්වල සඳහන්ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට කඩිනමින් ඇප ලබා දෙන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අවස්ථා ගණනාවක දීම සාකච්ඡා කර තිබෙන අතර විමල් විරවංශ මහතා රිමාන්ඩ් භාරයේ තැබිමේ කිසිදු අවශ්‍යතාවයක් රජයට නැති බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
මේ කරුණ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත දුන් උපදෙස්වලට අනුව සිංහල අවුරුද්දට පෙර විමල් විරවංශ මහතාට ඇප දිමට හමැකි වන පසුබිම රජයේ නීති අංශ වෙතින් සැකසෙන බව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේය.

t

o

p