ලබන මස සිට සභාවට පැමිණි මන්ත්‍රී නාම ලේඛණය පාර්ලිමේන්තු වෙබ් අඩවියේ

April 6, 2017

මැයි මස මුල සිට පාර්ලිමේන්තු සභාව පැවැත්වෙන දිනවල ඊට සහභාගි වෙන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛණය පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කරන බව කතානායක කරූ ජයසූරිය මහතා ඊයේ ( 06) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න සදහා පිළිතුරු සැපයීමට අමාත්‍යවරුන් හෝ නියෝජ්‍ය අමාත්‍යවරුන් පාර්ලිමේන්තුවට පැමිණ නොසිටීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු විරෝධය පල කිරීමෙන් අනතුරුව සභාවේ එකඟතාවය මත කතානායකවරයා මේ බව පැවසීය.
මෙම ගැටළුව පෙරේදා (05) පැවැති පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී ද සාකච්ඡා වූ බව ප්‍රකාශ කළ කතානායකවරයා ඒ සදහා මන්ත්‍රීවරුන්ට යම් සහන කාලයක්ද දිය යුතුව ඇතැයි පෙන්වා දී මෙම තීරණය මැයි මස මුල සිට ක්‍රියාත්මක කරන බව පැවසීය.
මෙම ගැටළුව ඇති වූයේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේ මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සදහා පිළිතුරු දීමට ඇමැතිවරු හෝ නියෝජ්‍ය ඇමැතිවරු සභාවේ නොසිටිමත්, මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න කිහිපයක් සදහාම සභානායකවරයා නැගිට කල් ඉල්ලා සිටීමත් සමගිනි.
මේ අවස්ථාවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානයක මහතා පැවසුවේ ප්‍රශ්න ඔක්කොටම නැගිට්ටේ සභානායකවරයා. ප්‍රශ්නවලට උත්තර දෙන්න තමන්ගේ ඇමැතිවරු ටික ගෙන්වලා සභාවේ වාඩි කරවන්න සභානායකවරයා අසමත් වෙලා තියෙනවා. යනුවෙනි.
ස්ථාවර නියෝගවලට ඒ ගැන ඇතුලත් කරන්න අපි කටයුතු කරනවාෙ යනුවෙන් එහිදී කතානායකවරයා සදහන් කලේය.
අගමැතිතුමා ඊයෙත් කිව්වා ප්‍රශ්නවලට උත්තර දෙන්න ඇමැතිවරු මෙතැන නෙවේ රටෙත් නැහැෙ කියලා යනුවෙන් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සදහන් කලේය.

t

o

p