ඒකාබද්ධයේ විරෝධයක් නිසා පාර්ලිමේන්තුව කටයුතු පැයකට සීමා වෙයි

April 6, 2017

ඒකාබද්ධ විපක්ෂය සදහා පාර්ලිමේන්තු කාලය ලබා දීම තමන්ට ඇති ලොකුම ප්‍රශ්නයක් නිසා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් සහභාගි වන පක්ෂ නායක රැස්වීමකදී අවසන් තිරණයකට එලැබිය යුතුව බව කතානායක කරූ ජයසූරිය මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාට අවස්ථාව දීමෙන් පසු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 51 දෙනාට විනාඩි 31ක් පමණක් හිමිවීම සම්බන්ධයෙන් විරෝධය දක්වා ඒකාබද්ධ විපක්ෂයට වැඩි කාලයක් අවශ්‍ය බව පැවසීමේදීය.
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් ඒකාබද්ධවිපක්ෂය සභාව කල් තැබීමේ විවිදයක් ඉල්ලා මාසකට වැඩි කාලයක් වෙනවා. ඒ අනුවයි අද මේ අවස්ථාව හිමි වුනේ. ඒ වුනත් ඒකාබද්ධ විපක්ෂයට කාලය හිමි වෙලා තියෙන්නේ විනාඩි 31යි. රට මුහුණ දී තිබෙන භයානක තත්ත්වය සම්බන්ධයෙන් යෝජනාවක් ඉල්ලා සිටි මන්ත්‍රීවරුන් 51 ට ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ලැබී තියෙන කාලය මදි. පාර්ලමේන්තුවේ සම්පුර්ණ කාලය වන විනාඩි 210න් විනාඩි 180ක්ම රටට වෙන හානියට හොදයි කියන පිරිසටයි.නමුත් ප්‍රමුඛතාවය හිමිවිය යුත්තේ යෝජනාව ඉදිරිපත් පිරිසටයි. දෙමළ ජාතික සන්ධානයට පැයක් ලබා දීලා තියෙනවා.මම ඒකාබද්ධ විපක්ෂයටත් පැයක කාලයක් ඉල්ලා සිටිනවා.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා
අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහා නායක දවුල්දෙන ඤාණිස්සර නාහිමියන්ගේ ආදාහන උත්සවය සවස 3ට පැවැත්වෙන නිසා සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එයට සහභාගි වෙන්න තීරණය කළා. ඒ නිසා අද පාර්ලිමේන්තුව සවස 3ට අවසන් කරන්න පක්ෂ නායක රැස්වීමේදී තිරණය කළා.

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ඩලස් අලහප්පෙරුම මහතා
සභානායකවරයාගේ ප්‍රකාශය හරහා රටට වැරදි මතයක් සන්නිවේදනය විය හැකියි. පක්ෂ නායක රැස්වීමේදී මහානායක හිමියන්ගේ ආදාහනයට සහභාගි විම සදහා අද සභාව සවස 3ට අවසන් කරන්නත්, කෑම පැය තුල පවා නොකඩවා විවදාය පවත්වන්නත් එකඟ වුනා. විවාදය මුහුකරන්නේ ඒකාබද්ධ විපක්ෂයයි.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා –
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කතා කළා නම් මේ ප්‍රශ්නය විස¼දා ගන්න පුළුවන්. ඕනේ නම් ජනාධිපතිතුමා හමුවෙන්න අපි අවස්ථාවක් අරන් දෙන්නම්.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා –
මේ ආණ්ඩුව එක වෙලාවකට ජාතික ආණ්ඩුවක් කියනවා. 19 වැනි සංශෝධනයෙන් ජාතික ආණ්ඩුවක් ගොඩනගනවා නම් අමාත්‍යධූර වැඩි කරගන්න පුළුවන් කියලා සදහන් වෙනවා. ඒ අනුව අගමැතිවරයා ඇමැතිවරු 30, 35 කර ගන්නත්, නියෝජ්‍ය ඇමැතිවරු 40, 48 කර ගන්නත් යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනාවා. ඒ වෙලාවේ මේ ආණ්ජුව ජාතික ආණ්ජුවක් නොවන බව අපි පෙන්වා දුන්නා. අමාත්‍යවරු වැඩි කර ගැනිම සිද්ධ වුනේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනිවයි. පාර්ලමේන්තුවේ මන්ත්‍රීවරු වැඩි වෙන පැතත අනුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු තේරීමට ඉඩ නොතැබිය යුතුයි.
දෙමළ ජාතික සන්ධානයත්, ජනතා විමුක්ති පෙරමුණත් විපක්ෂයේ අසුන් ගත්ත අවස්ථාවේ මන්ත්‍රීවරු වැඩි සංඛ්‍යාවක් හිටිය දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායක ධූරයත් අපිට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයත් හිමි වුනා. ඊට පසුව පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අභ්‍යන්තර සාකච්ඡාවකට අනුව එහි පිරිසක් විපක්ෂයේ අසුන් ගත්තා. ඒක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අභ්‍යන්තර ප්‍රශ්නයක්. වෙන වෙනම පක්ෂවලට නෙවෙයි පාර්ලිමේන්තු කාය බෙදන්නේ. ආණ්ඩුවට පාර්ලිමේන්තු විවාදවලදි 70%ක් කාලය හිමියි. ආණ්ඩුවට හිමි කාලයෙන් 30%ක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන්ට හිමියි. අපි විපක්ෂයට ගත්තේ පාර්ලිමේන්තු විවාද කාලයෙන් 30%ක් විතරයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අභ්‍යන්තර ප්‍රශ්න අභ්‍යන්තරයේ විසදා ගන්න. එක්සත් ජනතා නිදහස් සන්ධානය හෙට ඇවිත් විපක්ෂයේ වාඩි වුනොත් අපි ලෑස්තියි විපක්ෂ නායකකම දෙන්න.

දිනේෂ් ගුණවර්ධන මහතා –
ශ්‍රී ලංකා නිහස් පක්ෂයේ මහලේකම්වරයා සහ එක්සත් ජාතික පක්ෂය අතර ඇති වුඅ අකගතාවයකට අනුවයි ජාතික ආන්ඩුව හැදුනේ. අනිත් දේශපාලන පක්ෂ මේ එකඟතාවයට අයත් නැහැ. විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු 51 අසුන් ගෙන සිටිනවා. මේ ප්‍රශ්නය විසදන්න කතානාකතුමාගේ මැදිහත් වීම අවශ්‍යයි.

කතානායක කරූ ජයසූරිය මහතා-
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කරලයි මම කාලය ලබා දී තියෙන්නේ. ජනාධිපතිවරයා හා අගැතිවරයා සහභාගි වෙන පක්ෂ නායක රැස්වීමකදී මේ ප්‍රශ්නය විසදා ගන්න අවශ්‍යයි. මේක මටත් ලොකු ගැටළුවක් වෙලා තියෙන්නේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා –
පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාද සදහා යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව තියෙන්නේ ආණ්ඩු පක්ෂයට සතියකට දෙකක් හා විපක්ෂයට සතියකට දෙකක් වශයෙනුයි. ආන්ඩු පක්ෂයේ කල් තැබීමේ යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථා දෙකෙන් එකකුයි මේ යෝජනාවට ලැබිලා තියෙන්නේ.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා –
අදට නියමිත පාර්ලිමේන්තු විවාද කාලය වන විනාඩි 210න් ජිනීවා යෝජනාවට විරුද්ධ ඒකාබද්ධ විපක්ෂයට විනාඩි 100ක කාලයක් ලබා දෙන්න කාරුණික වන්න. අපිට යෝජනාව ඉදිරිපත් කලේ. අපියි රණවිරුවෝ වෙනුවෙන් පෙනී සිටින්නේ.

කතානායන කරූ ජයසූරිය – එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් සමග සාකච්ඡාවකින් තොරව මට එවැනි තීරණයකට එළැඹෙන්න බැහැ.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා –
නීති රිති මගින් යථාර්තය යට කරන්න බැහැ.

දිනේෂ් ගුණවර්ධන මහතා – මට ලබා දී තිබෙන කාලය මදි. ඒ ගැන ඔබ තීරණයක් ගන්න. පාර්ලිමේන්තුව පක්ෂ ලේකම්වරුන්ට යටත් නැහැ. ව්‍යවස්ථාව තීරණය කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. ලිපියක් මත කටයුතු කරන්න එපා.

සභානායක ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා – අපි මේකට වෙන දවසක් යොදා ගනිමුද?

දිනේස් ගුනවර්ධන මහතා – පක්ෂ නායකයින්ගේ රැස්වීමක් කැදවලා තින්දුවකට එමු.

ලක්ෂ්මන් කිරිඇල්ල – පාර්ලිමේන්තුව කල් තබන්නයි මම යෝජනා කරනවා.

කතානායක කරූ ජයසූරිය මහතා – පාර්ලිමේන්තුව හෙට උදේ 10. 30 වන තුරු කල් තබනවා.

t

o

p