පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට මන්ත්‍රීවරුන් මාධ්‍ය කුටියට පැමිණ මාධ්‍ය හමුවක් පවත්වයි

April 6, 2017

පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අද (06) පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ කුටියට පැමිණ මාධ්‍ය හමුවක් පැවැත්විය.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, ජයන්ත සමරවීර හා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරු එම මාධ්‍ය හමුවට සහභාගි වූහ.
ජිනීවා මානව හිමිකම් යෝජනාව සම්බන්දයෙන් ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා තිබූ පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය සදහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සදහා විනාඩි 32 ක් පමණක් ලබා දීම හේතුවෙන් ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් කතානායකවරයා පාර්ලිමේන්තුව කල් තැබීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව පැවැත්විය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මාධ්‍යවේදීන්ගේ කුටියට ඇතුල්වී, දොරටුව අසල සිටගෙනම එම මාධ්‍ය හමුව පැවැත්වූ අතර එහිදී දිනේෂ් ගුණවර්ධන හා ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරුන් අදහස් දැක්වීය.

parliament-press2

t

o

p