Local News

පෙර පාසල් ගුරුවරුන්ගේ වැඩි කළ රුපියල් 5000 දීමනාව මේ මස සිට

පෙර පාසල් ගුරුවරුන් සඳහා වැඩි කළ දීමනාව, මේ මාසයේ සිට ලබාදෙන බව, කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය පවසයි. එහි ලේකම්, යමුනා පෙරේරා මහත්මිය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල දැනුවත් කර ඇති බවයි. ඒ, විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමිනි. පෙර පාසල් ගුරුවරුන් සඳහා මේ වන විට ලබාදෙන දීමනාව, Read More

UAE ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයට, තානාපති සේවයට ශ්‍රී ලංකා විදෙස් ඇමතිගේ පැසසුම්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ මැදිහත්වීම මත මෙරට ආයෝජනය සදහා සූදානම් බව එම කවුන්සිලය සදහන් කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සාමාජිකයින් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා හමු වී විශේෂ සාකච්ඡාවක නිරත විය. ද්විපාර්ශ්වික වෙළඳාම, ආයෝජන සහ සංචාරක ප්‍රවර්ධනය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව එහි දී සාකච්ඡාවට Read More

මාඑළිය අධි රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගැරූ 6ක් කොටු වෙයි

බගවන්තලාව මාඑළිය අධි රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයින් හය දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් හය දෙනා වයස අවුරුදු 20ත් 44ත් අතර වයස්වල පසුවන බවයි සඳහන් වෙයි. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන බගවන්තලාව පොලිසිය විසින් සිදු කරන බව සඳහන්.

මේ වසරේ සංචාරක පැමිණීම දස ලක්ෂයට ආසන්න වෙයි

වසරේ මේ දක්වා කාළය තුළ සංචාරකයින් 966,604ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.එමෙන්ම ජුනි මාසයේ මේ දක්වා පමණක් සංචාරකයින් 69,825ක් පැමිණ ඇති බව එම අධිකාරිය ප්‍රකාශ කරයි. ජනවාරි මාසයේදී සංචාරකයින් 208,253ක්, පෙබරවාරි මාසයේදි සංචාරකයින් 218,350ක්, මාර්තු මාසයේදී සංචාරකයින් 209,181ක්, අප්‍රේල් මාසයේදී සංචාරකයින් 148,867ක් සහ මැයි මාසයේදි සංචාරකයින් 112,128ක් ලෙස මෙරටට පැමිණ තිබේ. Read More

මුහුද රළුවෙයි – ධීවරයින්ට අනතුරු ඇඟවීම්

ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තරය ඇතුළු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 65 ඉක්මවිය හැකි බැවින් ධීවර කටයුතුවලදී විමසිලිමත්වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ත්‍රිකුණාමලය කන්කසන්තරය සහ පුත්තලම හරහා හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍ර දේශ රළුවිය හැකියි. එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්විට පැයට කිලෝමීටර් 65 ඉක්මවන බවයි කාලගුණ Read More

විගමනික ශ්‍රමිකයන්ගෙන් ව්‍යවසායකයින් ලක්ෂයක් බිහිකිරීමේ වැඩසටහනක්

විදේශගත වී සිට ලංකාවට යළි පැමිණි ශ්‍රමිකයන් සහ සේවයේ නියුතු විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල්වල සාමාජිකයින් ඒකරාශී කරගනිමින් ශ්‍රී ලංකාව තුළ නව ව්‍යවසායකයින් ලක්ෂයක් බිහිකිරීමට කටයුතු කරන බවත් එම වැඩසටහන ජූලි 07 වැනිදා ආරම්භ කරන බවත් ආරම්භ කෙරුණ ‘ජයගමු ශ්‍රී ලංකා අම්පාරට’ දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහනේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. කම්කරු හා Read More

උප්පැන්න සහතිකයක් නොමැති අයට ජාතික හඳුනුම්පත ලබා ගැනීමට අවස්ථාවක්

උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකි වු වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා කියා සිටියේ ඒ සඳහා මේ මස 30 වනදා දක්වා අවස්ථාව පවතින බවයි. මීට පෙර මේ සඳහා ඉල්ලුම්පත් යොමු කිරීමට Read More

පොල් කටු අපනයනය කිරීමෙන් ඩොලර් මිලියන 300ක ආදායමක්

පොල් කටු අපනයනය කිරීමෙන් පමණක් මෙරටට වසරකට ඩොලර් මිලියන 300ක ආදායමක් ලැබෙන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා පැවසීය. පොල් කටුවලින් චාකෝල් නිෂ්පාදනය කර සක්‍රිය කාබන් ලෙස අපනයනය කෙරෙන බවත්, පොල් කටු වැඩි වශයෙන් අපනයනය කෙරෙන්නේ ඇමරිකාවට බවද ඔහු කීවේය. පොල් කටු කිලෝවක් රුපියල් 36ක් වැනි මිලකට සක්‍රිය කාබන් නිෂ්පාදනය සඳහා මිලදී ගැනෙන Read More

ලොව ප්‍රථමවරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහුගේ නාමය AI ස්ටීව් ලෙස ඡන්ද පත්‍රිකාවල සඳහන් වීමට නියමිතව තිබේ. ඒ අනුව ලබන ජූලි මස 04 වනදා පැවැත්වෙන බ්‍රිතාන්‍ය මැතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට නියමිත ස්ටීව් එන්ඩකෝට් වෙනුවෙන් එම කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයා නිවේදනය කර Read More

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉදිරියට

ජාත්‍යන්තර එක්දින කාන්තා ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 5 ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. ඒ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවති තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙනි. එම තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට ඔවුන් සමත්විය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මීට පෙර අයිසීසී ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 7වන ස්ථානයේ පසු වුණි.

t

o

p