මුහුද රළුවෙයි – ධීවරයින්ට අනතුරු ඇඟවීම්

June 24, 2024

ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තරය ඇතුළු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 65 ඉක්මවිය හැකි බැවින් ධීවර කටයුතුවලදී විමසිලිමත්වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ත්‍රිකුණාමලය කන්කසන්තරය සහ පුත්තලම හරහා හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍ර දේශ රළුවිය හැකියි. එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්විට පැයට කිලෝමීටර් 65 ඉක්මවන බවයි කාලගුණ අංශ පවසයි.

හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ වලද සුළගේ වේගය පැයට කිලෝමීටර් 55 දක්වා ඉහළ යා හැකියි. එමෙන්ම කල්පිටිය සිට කොළඹ සහ ගාල්ල හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍ර දේශවල මුහුදු රළ මීටර් 2ත් 2.5ත් අතර ඉහළ යාමේ හැකියාවක් පවතියි.

මේ පිළිබද දැඩි අවධානය යොමු කරමින් ධීවර සහ නාවික කටයුතුවල නිරත වන ලෙසයි කාලගුණ අංශ දැනුම් දෙයි.

t

o

p