මේ වසරේ සංචාරක පැමිණීම දස ලක්ෂයට ආසන්න වෙයි

June 24, 2024

වසරේ මේ දක්වා කාළය තුළ සංචාරකයින් 966,604ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
එමෙන්ම ජුනි මාසයේ මේ දක්වා පමණක් සංචාරකයින් 69,825ක් පැමිණ ඇති බව එම අධිකාරිය ප්‍රකාශ කරයි.

ජනවාරි මාසයේදී සංචාරකයින් 208,253ක්, පෙබරවාරි මාසයේදි සංචාරකයින් 218,350ක්, මාර්තු මාසයේදී සංචාරකයින් 209,181ක්, අප්‍රේල් මාසයේදී සංචාරකයින් 148,867ක් සහ මැයි මාසයේදි සංචාරකයින් 112,128ක් ලෙස මෙරටට පැමිණ තිබේ.

රුසියාව, ඉන්දියාව, ජර්මනිය, ‍බ්‍රිතාන්‍යය, චීනය, ප්‍රංශය සහ ඕස්ට්‍රේලියාව ආදී රටවලින් මෙරටට සංචාරකයින් වැඩි වශයෙන් පැමිණ ඇති බවයි වාර්තා වෙයි.

t

o

p