පෙර පාසල් ගුරුවරුන්ගේ වැඩි කළ රුපියල් 5000 දීමනාව මේ මස සිට

June 24, 2024

පෙර පාසල් ගුරුවරුන් සඳහා වැඩි කළ දීමනාව, මේ මාසයේ සිට ලබාදෙන බව, කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය පවසයි.

එහි ලේකම්, යමුනා පෙරේරා මහත්මිය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල දැනුවත් කර ඇති බවයි.

ඒ, විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමිනි. පෙර පාසල් ගුරුවරුන් සඳහා මේ වන විට ලබාදෙන දීමනාව, රුපියල් 2500 ක්. එය, රුපියල් 5000 ක් දක්වා වැඩි කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවිය.

t

o

p