පොල් කටු අපනයනය කිරීමෙන් ඩොලර් මිලියන 300ක ආදායමක්

June 23, 2024

පොල් කටු අපනයනය කිරීමෙන් පමණක් මෙරටට වසරකට ඩොලර් මිලියන 300ක ආදායමක් ලැබෙන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා පැවසීය.

පොල් කටුවලින් චාකෝල් නිෂ්පාදනය කර සක්‍රිය කාබන් ලෙස අපනයනය කෙරෙන බවත්, පොල් කටු වැඩි වශයෙන් අපනයනය කෙරෙන්නේ ඇමරිකාවට බවද ඔහු කීවේය. පොල් කටු කිලෝවක් රුපියල් 36ක් වැනි මිලකට සක්‍රිය කාබන් නිෂ්පාදනය සඳහා මිලදී ගැනෙන බවද ඔහු පැවසීය.

පොල් කටු සඳහා විදේශ වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් පවතින බැවින් පොල් කටු විනාශ නොකර ඒවා ආදායම් උපයාගත හැකි මාර්ගයක් ලෙස භාවිතා කිරීමට හැකි බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි. මෙරට වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි බිලියන තුනකි.

t

o

p