Local News

අයි.එස්.අයි.එස්. සංවිධානයට හෝ එහි නායකත්වයට හෝ දොස් පැවරීමට බිය වන්නේ ඇයි?

පාස්කු ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ ආණ්ඩු පක්‍ෂයේ මුස්ලිම් අමාත්‍යවරුන්ට දොස් පැවරූ රාජපක්‍ෂවරු ප්‍රධාන පොදුජන පෙරමුණ, අයි.එස්.අයි.එස්. නායකයා ඝාතනයට ලක්වීම ගැන මුණිවත රකින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. ආණ්ඩුවේ මුස්ලිම් අමාත්‍යවරුන්ට දොස් නැගීමට පසුබට නොවන ඔවුන් අයි.එස්.අයි.එස්. සංවිධානයට හෝ එහි නායකත්වයට හෝ දොස් පැවරීමට බිය වන්නේ ඇයිදැයි වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රශ්න කළේය. අම්පාර, සමන්තුරේ, Read More

දෙමළ ජාතික සන්ධානයේ පාවාදීමේ දේශපාලනයට එරෙහිව කුළුගෙඩිය ලකුණට ඡන්දය දෙන්න

පෙරටුගාමී සමාජවාදී පක්ෂය  පසුගිය කාලයේ පීඩිත ජන ප්‍රජාවන් වෙනුවෙන්  අරගලයක නිරතවූ බවද ඉදිරියටත් ඒ අරගලය ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව ජනාධිපතිවරණය හමුවේ අපේක්ෂකයකු ඉදිරිපත්කරනු ලබන බවත් පැහැදිලි කරමින් යාපනයේදී ජනමාධ්‍ය හමුවක් පවත්වන ලදී. විශේෂයෙන් පාලක කණ්ඩායම්වලට වාසිදායක ආකාරයට පීඩිත තමිල් ජනයාගේ අයිතිවාසිකම් පාවාදෙන දෙමළ ජාතික සන්ධානය ඔවුන්ගේ මූලික ඉල්ලීම් වෙනුවෙන් දේශපාලන අරගලයක් නොකරන තත්වයකදී ඒ වෙනුවෙන් Read More

නවෝත්පාදන නි‍යෝජිත ආයතනය පිහිටුවීම පිළිබඳ පනත පාර්ලිමේන්තුවට

ජාතික පර්යේෂණ  ජාතික ආර්ථිකයට දායක කර ගැනීම, නවෝත්පාදනයට ඇති බාධක හඳුනා ගැනීම නවෝත්පාදන සඳහා පුද්ගලික අංශයේ සහාය ලබා ගැනීමට  සංස්ථාවක් ලෙස ජාතික නවෝත්පාදන නි‍යෝජ්‍යායතනය පිහිටුවනු ඇත. ජාතික නවෝත්පාදන නි‍යෝජ්‍යායතනය පරිපාලනය පැවැරෙනුයේ පාලන සභාවකටය. සභාවේ සභාපතිවරයා විය යුත්තේ ජනාධිපති ලේකම්වරයාය. සෙසු සාමාජිකයින් ලෙස, සංවර්ධන උපාය මාර්ග විෂයය භාර අමාත්‍යාංශයේ නිලධරයෙක්, ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වයා Read More

යුක්තියේ සිදුරු සහ නීතියේ අභියෝග ජය ගැනීම

යුක්තියේ සිදුරු සහ නීතියේ අභියෝග ජය ගැනීම අත්‍යවශ්‍ය දෙයක්, ඒ තුළින් මානව හිමිකම් ආරක්ෂා වීම හිංසනයෙන් ලබන්නාවු නිදහස සහ දිළිදු බව හේතුවෙන් ඇති වන අනාරක්ෂිත බව තුරන් කළ හැකියි. යුක්තියට ප්‍රවිෂ්ටතාව පිළිබදව කල්පනා කළ යුතුම දෙයක් ,එය දුගී හෝ වර ප්‍රසාද නොලත් අයට පමණක් නොව සමස්තයක් ලෙස සියලු දෙනාගේම හිමිකමක් ලෙස සදහන් කළ යුතුයි, අධිකරණ Read More

ජාතිවාදය තහවුරු කොට බලය ලබා ගැනීමේ උත්සාහයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මඩකලපුව දිස්ත්‍රික්කයේ පැවැති පොකුරු රැස්වීම් මාලාවක් අමතමින් දැක්වූ අදහස්. ශ්‍රී ලාංකීය අනන්‍යතාවය තහවුරු කරලීම අප සියල්ලන්ගේම අපේක්‍ෂාව වුව ද, රාජපක්ෂ කණ්ඩායම උත්සාහ ගන්නේ ජාතිවාදය තහවුරු කොට බලය ලබා ගැනීමට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. මඩකලපුව දිස්ත්‍රික්කයේ පැවැති පොකුරු රැස්වීම් මාලාවක් අමතමින් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ සිංහල, දෙමළ, මුස්ලිම් ආදී Read More

ඊලාම් කොඩිය ඔසවපු වර්ධරාජා පෙරුමාල් ගෝඨාභයට

ඊලාම් කොඩිය ඔසවපු වර්ධරාජා පෙරුමාල් ගෝඨාභයට එකතුවෙද්දී  ශ්‍රී ලංකා ධජය ඔසවපු සම්බන්ධන් අපට එකතු වුනා – මුදල් අමාත්‍ය මංගල සමරවීර දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය නිල වශයෙන්ම තම කදවුරේ ජනධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට හිමිව ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර සිටි. මාතර දිස්ත්‍රික් තරුණ සම්මේලනය ආමන්ත්‍රණය කරමිනි. කෙසේ වෙතත් කලක සිටම ටි Read More

දෙමළ ජාතික සන්ධානයේ එකඟ වූ කොන්දේසි මොනවාදැයි රටට වහා හෙළි කරන්න

දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ලබාගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා එකඟ වූ කොන්දේසි මොනවාදැයි රටට වහා හෙළි කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. එක්සත් ජාතික පක්ෂය රටට ද්‍රෝහී නඩ සමඟ එකතු වී ජනතාව රැවටීමට උත්සහ දරනුයේ ප්‍රථම වතාවට නොවන බව පැවසූ රණතුංග මහතා 2015 ජනාධිපතිවරණයේ Read More

පාසැල් මට්ටමෙන් ඉසෙඩ් ස්කෝර් නිසා ගම්බද දුෂ්කර පාසල් සදා අදුරට

විශ්ව විද්‍යාලවල ප්‍රවේශය සඳහා දැනට පවත්නා දිස්ත්‍රික් ඉසෙඩ් ස්කොර් ක්‍රමය වෙනුවට පාසැල් මට්ටමෙන් ඉසෙඩ් ස්කෝර් ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, එමගින් සිදු වන්නේ ගම්බද දුෂ්කර පාසල් සදා කල්හිම සංවර්ධනයකට පාත්‍ර නොවීම සහ දක්‍ෂ තරුණ Read More

නිදහස් අධ්‍යාපනයේ මලගම සිදු කිරීමේ උත්සාහයක්

විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා වන ඉසෙඞ් ස්කෝර් ක්‍රමය අහෝසි කරමින් රටේ තරුණ තරුණියන්ගේ අනාගතය ඝාතනය කරමින් නිදහස් අධ්‍යාපනයේ මලගම  සිදු කිරීමේ උත්සාහයක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නිරත වී සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය. නිදහස් අධ්‍යාපනය තුලින් ගොඩනැගුනු තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාට නිදහස් අධ්‍යාපනය Read More

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ සහාය සජිත්ට

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය, නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත සහයෝගය පළකරන බවට ඒකමතිකව තීරණය කළැයි එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් පැවසීය. ජනාධිපතිවරණයේදී සහයෝගය පළ කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා Read More

t

o

p