ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ සහාය සජිත්ට

November 4, 2019

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය, නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත සහයෝගය පළකරන බවට ඒකමතිකව තීරණය කළැයි එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් පැවසීය.

ජනාධිපතිවරණයේදී සහයෝගය පළ කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා සහ දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු මධ්‍යම කාරක සභාව ඊයේ වව්නියාව වන්නින් හෝටලයේ දී රැස්වී තිබේ. එම සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බව සුමන්තිරන් සඳහන් කළේය.

t

o

p