බඩ ඉරිගු වගාව ප්‍රචලිත කිරීමට ක්‍රිස්බ්‍රෝ ඉදිරිපත් වෙයි

November 4, 2019

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමාගම, කුකුළු ආහාර සඳහා ප්‍රධානතම භෝගය වන බඩ ඉරිඟු වගා කිරීම සඳහා යොමුව සිටී. දැනට මහියංගණය, මොණරාගල ගල්ගමුව යන ප්‍රදේශයන්හි බඩ ඉරිගු වගාව අරඹා ඇති අතර, ඌව සහ උතුරුමැද පළාතේ ගොවිමහතුන්ගෙන් මිල දී ගන්නා බඩ ඉරිඟු සඳහා රුපියල් බිලියනයකට වැඩි මුදලක් වාර්ෂිකව ආයෝජනය කරනු ලබයි.

වඩාත් සංවිධිත ලෙස බඩ ඉරිඟු වගාවට යොමු වී ඇති ක්‍රිස්බ්‍රෝ සමාගම නව වගා තාක්ෂණයන්, පැළ සිටුවීමේ සිට පාංශු ජල කළමනාකරණය, පොහොර යෙදීම, අස්වනු නෙළීම සහ පසු අස්වනු සංරක්ෂණය සඳහා යුරෝපීය මහා පරිමාණයේ බඩ ඉරිගු නිෂ්පාදකයන් විසින් භාවිත කරනු ලබන තාක්ෂණය සහ උපාංගයන් භාවිතයට ගෙන ඇත.

t

o

p