අපේ රෙට් ගමනාගමන ක්ෂේත්‍රෙය් මහා පෙරැළියක් කරමින් දුම්රිය ප්‍රවාහන සේවය කොළඹ සිට මහනුවර දක්වා ආරම්භ කර මෙම මස 26 වැනි දිනට වසර 157ක් සපිරේ.
දුම් කෝච්චිය නැතිනම් ගල් අඟුරු කෝච්චිය ගැන පොඩි දරුවන්ගේ මුවින් පිටවෙන්නේ ‘අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා’ යනුවෙනි. එදා දුවපු යකඩ යක්කු අද දකින්න ලැබෙන්නේ බොහෝම කලාතුරකිනි. ඒ වෙනුවට අද දකින්නේ උඩරට මැණිකේ, ටිකිරි මැණිකේ, පොඩි මැණිකේ, රුහුණු කුමාරි, රජරට රැජිනලා පමණි.
වර්ෂ 1858 වර්ෂයේ අගෝස්තු මස 3 වැනි දින සවස 5.45 යෙදුණු සුබ මොහොතින් එවකට ආණ්ඩුකාර පදවිය දැරූ ශ්‍රීමත් හෙන්රි ජොර්ජ් වෝඩ් මහතා විසින් මංගල පස් පිඩැල්ල කපා ආරම්භ කරනු ලැබූ දුම්රිය මාර්ගය ඉදිකිරීම් 1864 වර්ෂයේ කොළඹ සිට අඹේපුස්ස දක්වා දුම්රිය මාර්ගය අවසන් කර 1864 දෙසැම්බර් 27 වැනි දින මුල්ම දුම්රිය ධාවනය කොළඹ සිට අඹේපුස්ස දක්වා සිදුවිය.
1866 මහනුවර දක්වා දීර්ඝ කරන ලද දුම්රිය මාර්ගයේ ප්‍රථම දුම්රිය ධාවනය 1867 අප්‍රේල් 26 වැනි දින සිදුකෙරිණි .එවකට සුදු අධිරාජ්‍යවාදීන් උඩරට ප්‍රදේශයේ වගාකළ තේ, කෝපි කොළඹට ගෙන ඒම සඳහා මෙම දුම්රිය මාර්ගය ආරම්භ කිරීමට මූලික හේතු විය.
තේ, කෝපි කොළඹට ප්‍රවාහනය කිරීමේ අරමුණින් හෝ එදා සුදු පාලකයන් විසින් ඉදිකරන්නට යෙදුණු දුම්රිය මාර්ගය රඹුක්කන සිට කඩුගන්නාව දක්වා සැතපුම් 13කට අඩු දුරකදී අඩි 313ක සිට 1700 කන්දක් නැඟීමක් පවතියි. උඩරට දුම්රිය මාර්ගයේ ආරම්භය ලෙස අපේ රටේ දිගින් වැඩිම දුම්රිය වේදිකාව වශයෙන් සැලකෙන රඹුක්කන දුම්රිය ස්ථානයෙන් පිටත්ව කඩිගමුව, ගංගොඩ, ඉහළ කෝට්ටේ, බලන, කඩුගන්නාව තෙක් ගමන් කරන දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට වැලි බිංගෙය, කොට බිංගෙය, වැල්ගාලේ බිංගෙය, එතැන් සිට කඩුගන්නාව දක්වා බිම් ගෙවල් දහයක් හමුවේ.
උඩරට මාර්ගයේදී අපේ රටේ දිගින් වැඩිම දෙවැනි බිම්ගෙය වන අලගල්ලේ බිම්ගෙය දැක ගැනීමට පුළුවනි.
රඹුක්කන – කුමාරතුංග
dinamina