යළි කිසි දිනක අරගලයකට යන්න එපා-ජනපති

April 25, 2024

නැවත අරගලයකට යොමුනොවී රට ගොඩනැගීමට සියලුදෙනා එක්වන්නයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

අද කොළඹදී ‘ITC Ratnadipa’ අතිසුඛෝපභෝගී හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

“අවුරුදු දෙකකට කලින් මෙතෙන තිබුණේ විශාල උද්ඝෝෂණයක්. මෙතෙන තිබුණේ අරගලයක්. වටේ වට කරලා තිබුණා. අද ඒ වෙනුවට තියෙන්නේ, විශාල හෝලයක්. ITC සමාගමේ, හෝටලය මෙතැන තියෙන Ratnadipa. අවුරුදු දෙකකින් ස්ථාවරභාවය ඇති කළා. අවුරුදු දෙකකින් ආර්ථිකයට පණ දුන්නා. අපි එතැනින් ඉදිරියට යන්නේ. මෙතැන තියෙන අවුල පහුකරලා, අපි ඒ වෙනුවට අලුත් ආර්ථිකයක් හදන්න ක්‍රියාකරගෙන යනවා. කිසි දවසක ආපහු අරගලයට යන්න එපා. තමන්ගේ ආර්ථිකය ආපහු කඩා වැටිලා වැඩක් නෑ. අස්ථාවරභාවයක් ඇති කරලා වැඩක් නෑ. අපි මෙතැන ඉඳන් ඉදිරියට යමු මීට වඩා හොඳ රතන දීපයක් ඇති කරන්න.”

ඉන්දියාවේ ITC හෝටල් සමූහය ඉන්දියාවෙන් පිටත ඔවුන්ගේ පළමු සුඛෝපභෝගි හෝටලය ගාලුමුවදොර ඉදිරිපිට ගොඩනැගූ අතර එය නම් කර ඇත්තේ ITC Ratnadipa Colombo ලෙසය.

මේ සඳහා කර ඇති ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 400කි.

එහි හෝටල් කාමර 350ක් පවතී.

ප්‍රධාන කුලුනු දෙකක් යා කරමින් අඩි 100 ක් ඉහළ අහසේ ඉදි කෙරුණු අහස් පාලම මෙහි විශේෂත්වය වන අතර මෙරට එවැන්නක් ඉදි කෙරුණු පළමු වතාව මෙයයි.

t

o

p