නවෝත්පාදන නි‍යෝජිත ආයතනය පිහිටුවීම පිළිබඳ පනත පාර්ලිමේන්තුවට

November 7, 2019

ජාතික පර්යේෂණ  ජාතික ආර්ථිකයට දායක කර ගැනීම, නවෝත්පාදනයට ඇති බාධක හඳුනා ගැනීම නවෝත්පාදන සඳහා පුද්ගලික අංශයේ සහාය ලබා ගැනීමට  සංස්ථාවක් ලෙස ජාතික නවෝත්පාදන නි‍යෝජ්‍යායතනය පිහිටුවනු ඇත.

ජාතික නවෝත්පාදන නි‍යෝජ්‍යායතනය පරිපාලනය පැවැරෙනුයේ පාලන සභාවකටය. සභාවේ සභාපතිවරයා විය යුත්තේ ජනාධිපති ලේකම්වරයාය. සෙසු සාමාජිකයින් ලෙස, සංවර්ධන උපාය මාර්ග විෂයය භාර අමාත්‍යාංශයේ නිලධරයෙක්, ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වයා හෝ ඔහුගේ නාමිකයෙකු, ශ්‍රී ලංකා බුද්ධිමය දේපල කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, විද්‍යාව විෂයය භාර අමාත්‍යංශයේ උසස් නිලධරයෙක්, තාක්ෂණ හා පර්යේෂණ විෂයය භාර අමාත්‍යංශයේ උසස් නිලධරයෙක්, ජාත්‍යන්තර වෙළඳාම භාර අමාත්‍යංශයේ උසස් නිලධරයෙක් සහ  ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ සභාපති හෝ ඔහුගේ නාමිකයෙක් ඇතුළත් වනු ඇත.

කලින් කලට ජනාධිපතිවරයා විසින් කරනු ලබන විධාන අනුව පාලන සභාව කටයුතු කළ යුතුය. එසේම, ජනාධිපතිවරයා විසින් මෙම පනතේ ඇති කරුණු සම්බන්ධයෙන් නියෝග සාදනු ලැබේ. සෑම නියෝගයක්ම, එය ගැසට් පත්‍රයේ පළකරනු ලැබ තෙමසක් ඇතුළත අනුමතය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.

නවෝත්පාදන ව්‍යවසායකත්ව උපාය මාර්ගයට අනුකූලව ජාතික නවෝත්පාදන පරිසරයක් පවත්වාගෙන යාම, පර්යේෂණ හා තාක්ෂණ හුවමාරුව මගින් බිහිවන උසස් තාක්ෂණ ව්‍යවසායයන් සඳහා පහසුකම් සැලැස්වීම පුද්ගලික හා රාජ්‍ය අංශය සමග සම්බන්ධීකරණය එම නියෝජිත ආයතනයට පැවරෙන වගකීම වනු ඇත.

t

o

p