ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතා සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මැතිනිය අතර හමුවක් කතානායක නිල නිවසේදී සිදුවිය.
පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා , නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවෙල මහතා , අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා , නීතිපති දප්පුල ද ලිවේරා මහතා අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ලේකම්තුමා,විදේශ කටයුතු අමාත්‍යාංශයේ බහුපාර්ශ්වික කටයුතු පිළිබද අතිරේක ලේකම් අහමඩ් ඒ ජවාඩ් මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.