අබුඩාබි T 10 තරගාවලියට ශ‍්‍රී ලංකාවෙන් 15ක්

November 6, 2019

අබුඩාබිහි පැවැත්වෙන T 10 තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයින් 15 දෙනෙකු තෝරාගෙන තිබේ.

ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, නුවන් ප‍්‍රදීප් සහ නිරෝෂන් දික්වැල්ල ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග , මලින්ද පුෂ්පකුමාර,   දුෂ්මන්ත චමීර, අසේල ගුණරත්න, කෙවින් කොත්තිගොඩ , ප‍්‍රභාත් ජයසූරිය සහ භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයින් තරගාවලියට සහභාගීවීමට නියමිතයි.

පන්දුවාර 10 ක් බැගින් හිමිවන T 10 තරගාවලිය නොවැම්බර් 14 වනදා ආරම්භවන අතර 24වනදා අවසන්වේ.

t

o

p