සමාජ මාධ්‍ය වෙබ් අඩවි අවභාවිත කිරීම් සම්බන්ධ පැමිණිලි 507ක්

November 6, 2019

සමාජ මාධ්‍ය වෙබ් අඩවි අවභාවිත කිරීම් සම්බන්ධ පැමිණිලි 507ක් මේවන විට ලැබී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ සංගමය පවසයි. ඉන් ජනාධිපතිවරණ අපේක්‍ෂකයින්ට මඩප්‍රහාර එල්ල කිරීම් සම්බන්ධ පැමිණිලි 234ක් ඇතුලත්වන බව සදහන්වේ. 

 වාර්තා කිරීම් 08ක් සිදු කර ඇත්තේ ජනාධිපති ධුර අපේක්‍ෂකයින්ගේ නම් භාවිත කරමින් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් නිර්මාණය කිරීම සම්බන්ධවයි.

තවත් වාර්තා කිරීම් 76ක් ජනාධිපති ධුර අපේක්‍ෂකයින් ඉලන්න නර ගනිමින් හුවමාරුවන අසත්‍ය පුවත් සම්බන්ධව ලැබී ඇත.  වාර්තා කිරීම් 142ක් වෛරී ප්‍රකාශ පැතිරවීම සම්බන්ධවය. 

 සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකා ඡායාරූප ගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම සම්බන්ධව වාර්තා කිරීම් 37ක් ලැබී ඇති පැමිණිලිවලට ඇතුලත්වේ.

එසේම ජනාධිපති ධුර අපේක්ෂකයෙකුගේ  නාමය යොදා ගනිමින් නිර්මාණය කරන ලද ව්‍යාජ වෙබ් ලිපිනයක් පිළිබඳව ද වාර්තා කිරීමක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ සංගමය සදහන් කරනු ලැබේ. 

සමාජ මාධ්‍ය පරිශීලනය කරන්නන්, මේ පිළිබඳ අවබෝධයකින් කටයුතු කරන ලෙස ද ඉල්ලීමක් කරනු ලැබේ. 

t

o

p