කොමර්ෂල් බැංකුවේ ටෙලර් යන්ත‍්‍ර වලින් විදෙස් වීසා කාඞ්පත් පහසුකම්

November 6, 2019

විදෙස් වීසා කාඞ්පත් හිමියන් කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ඔස්සේ මුදල් ලබා ගැනීමේදි වැඩි විනිවිද භාවයකින් යුතු ‘ස්වයංක‍්‍රීය මුදල් පරිවර්තන’ පහසුකම  (DCC) ව්‍යාප්ත කිරීමට බැංකුව කටයුතු කර ඇත.

මෙරටට පැමිණෙන වීසා කාඞ්පත් හිමියන් සඳහා ශ‍්‍රී ලංකාවේදී මෙම සේවාව ලබා දෙන එකම බැංකුව කොමර්ෂල් බැංකුව පමණි.

‘ස්වයංක‍්‍රීය මුදල් පරිවර්තන’ (Dynamic Currency Conversion) පහසුකම මගින් ජාත්‍යන්තර සංචාරකයන්ට ඔවුන්ගේ ගිණුම් වලින් ඔවුන්ගේ රටේ මුදල් වලින් ලබාගන්නා අගය නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර වලින් ශ‍්‍රී ලංකා රුපියල් වලින් ඊට සමාන මුදල් ලබා ගත හැක.

මේ මගින් කාඞ්පත් හිමියන්ට මෙරටදී ලබාගත් මුදලට තම රටේ මුදල් පරිවර්තනය වන ප‍්‍රමාණය පිළිබඳ නිසි අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

‘ස්වයංක‍්‍රීය මුදල් පරිවර්තන’ විකල්පය තෝරා ගැනීමේ ඇති වාසිය වන්නේ නිරන්තර විනිමය අනුපාත උච්චාවචනය වීම් හේතුවෙන් සිදුවන පාඩු වලට මුහුණ පෑමට ගනුදෙනුකරුට සිදු නොවීමයි.

“ශ‍්‍රී ලංකාව වෙත පැමිණෙන සංචාරකයන් සඳහා අපේ ‘ස්වයංක‍්‍රීය මුදල් පරිවර්තන’ පහසුකම ව්‍යාප්ත කිරීමට හැකි වීම පිළිබඳව අප සතුටට පත් වෙනවා,” යැයි කොමර්ෂල් බැංකු කාඞ් මධ්‍යස්ථානයේ ප‍්‍රධානී තුසිත සුරවීර මහතා පැවසීය. “මෙම පහසුකම සඳහා අවසර ඇති රටවල කාඞ්පත් හිමියන් අතර පුළුල් වශයෙන් භාවිතා වන පාරිභෝගික හිතකාමී සේවාවක්.”

‘ස්වයංක‍්‍රීය මුදල් පරිවර්තන’ පහසුකම මේ වන විට විදෙස් වීසා සහ මාස්ටර්කාඞ් හිමියන්ට කොමර්ෂල් බැංකුවේ POS ජාලය ඔස්සේ  කරනු ලබන ගෙවීම් සඳහා ලබාගත හැකි අතර මාස්ටර් කාඞ් හිමියන්ට බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර තුලින් ද ලබාගත හැක.

අඛණ්ඩව වසර 9ක් ලොව විශිෂ්ටතම බැංකු 1000 අතර තම නාමය රඳවා ගැනීමට සමත්ව සිටින ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාව පුරා බැංකු ශාඛා 267ක් මෙන්ම ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 854ක්ද මෙහෙයවීමේ නිරතව සිටී.

බැංකුව 2018 වසරේදී දිනාගත් ජාත්‍යන්තර සහ දේශීය සම්මාන සංඛ්‍යාව 40කට අධිකය. මේ වසරේ මේ දක්වා පමණක් සම්මාන 25කට අධික සංඛ්‍යාවක් දිනා ඇති බැංකුව වසර 2019 ශ‍්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය සමාගම් 10 අතරට එක්වීමටද සමත්ව සිටී.

ශ‍්‍රී ලංකාවෙන් බැහැර කොමර්ෂල් බැංකුවේ විදෙස් මෙහෙයුම් අතර බංග්ලාදේශයේ මෙහෙයුම් ජාලය නියෝජිතායතන 19කින් සමන්විත වේ.

මියන්මාරයේ යැන්ගුන් නගරයේ නියෝජිත කාර්යාලයක් සහ නේ පීතා ඕ නගරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් පවත්වාගෙන යන බැංකුව මාලදිවයිනේ මනාව වර්ධනය වූ බහුතරයක් කොටස් හිමි I වන ශ්‍රේණියේ බැංකු ශාඛාවක් මෙහෙයවීමේ නිරතව සිටී.

t

o

p