යුක්තියේ සිදුරු සහ නීතියේ අභියෝග ජය ගැනීම

November 6, 2019

යුක්තියේ සිදුරු සහ නීතියේ අභියෝග ජය ගැනීම අත්‍යවශ්‍ය දෙයක්, ඒ තුළින් මානව හිමිකම් ආරක්ෂා වීම හිංසනයෙන් ලබන්නාවු නිදහස සහ දිළිදු බව හේතුවෙන් ඇති වන අනාරක්ෂිත බව තුරන් කළ හැකියි.

යුක්තියට ප්‍රවිෂ්ටතාව පිළිබදව කල්පනා කළ යුතුම දෙයක් ,එය දුගී හෝ වර ප්‍රසාද නොලත් අයට පමණක් නොව සමස්තයක් ලෙස සියලු දෙනාගේම හිමිකමක් ලෙස සදහන් කළ යුතුයි, අධිකරණ ක්‍රමවේදය මගින් ඔවුන්ට ආරක්ෂාව සපයා ගැනීමට සියලු මිනිසුන් බල ගැන්විය යුතුයි.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ කොළඹ දී ආරම්භ වු  පොදු රාජ්‍ය මණ්ඩලීය නීති අමාත්‍යවරුන්ගේ සමුළුව අමතමිනි.

t

o

p