ජාතිවාදය තහවුරු කොට බලය ලබා ගැනීමේ උත්සාහයක්

November 6, 2019

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මඩකලපුව දිස්ත්‍රික්කයේ පැවැති පොකුරු රැස්වීම් මාලාවක් අමතමින් දැක්වූ අදහස්.

ශ්‍රී ලාංකීය අනන්‍යතාවය තහවුරු කරලීම අප සියල්ලන්ගේම අපේක්‍ෂාව වුව ද, රාජපක්ෂ කණ්ඩායම උත්සාහ ගන්නේ ජාතිවාදය තහවුරු කොට බලය ලබා ගැනීමට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

මඩකලපුව දිස්ත්‍රික්කයේ පැවැති පොකුරු රැස්වීම් මාලාවක් අමතමින් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සෑම ජාතියකගේම එකමුතුවෙන් හා එකඟත්වයෙන් ශ්‍රී ලංකාව පෙරට ගෙන යාම එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ප්‍රතිපත්තිය බවයි.

ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදා හැරීමේ දේශපාලන විසඳුමක් සඳහා තමන් කැපවී සිටින බවත්, එම විසඳුම සකස් කිරීමේ දී රණසිංහ ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්‍ෂ යන ජනාධිපතිවරුන් සකස් කර ඇති යෝජනා පදනම් කර ගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙවන් පොදු එකඟතාවකින් යුතුව ශ්‍රී ලංකාව අනාගතය වෙත රැගෙන යාම සඳහාත්, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා සංහිදියාව ආරක්‍ෂා කර ගැනීම සඳහාත් ලබන නොවැම්බර් 16 වැනිදා හංසයා ඉදිරියේ කතිරය ගසා සජිත් ප්‍රේමදාස මහතා බලයට පත් කර ගන්නා ලෙස වික්‍රමසිංහ මහතා මඩකලපුව ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

t

o

p