නිදහස් අධ්‍යාපනයේ මලගම සිදු කිරීමේ උත්සාහයක්

November 4, 2019

විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා වන ඉසෙඞ් ස්කෝර් ක්‍රමය අහෝසි කරමින් රටේ තරුණ තරුණියන්ගේ අනාගතය ඝාතනය කරමින් නිදහස් අධ්‍යාපනයේ මලගම  සිදු කිරීමේ උත්සාහයක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නිරත වී සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය.

නිදහස් අධ්‍යාපනය තුලින් ගොඩනැගුනු තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාට නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ මහජන පුස්ථකාල ශ්‍රවනාගාරයේ අද(4) පැවති තරුණ වෘත්තියවේදීන්ගේ හමුවකට එක්වෙමිණි.

තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනය අහිමි කර රට යලිත් වැඩවසම් යුගයක් කරා ගෙනයාම ගෝටාභය රාජපක්ෂ මහතාගේ අරමුණ වී ඇතැයිද  අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ජාතික ආරක්ෂාව මුවාවෙන් බලයට පැමිණීමට උත්සාහ කරන ගෝඨාභය රාජපක්ෂ අවසානයේදී නිදහස් සෞඛ්‍යය සහ නිදහස් අධ්‍යාපනය රටට අහිමි කරනු ඇති බවත් පැවසූ අග්‍රාමාත්‍යවරයා එවැනි කිසිදු උත්සාහයකට රාජපක්ෂවරුන්ට ඉඩ නොදෙන බවත් සඳහන් කළේය.

t

o

p