Local News

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා ජනතා විමුක්ති පෙරමුණේ ඡන්දය අය වැයට විරුද්ධවයි

අයවැය ලේඛනය සම්බන්ධයෙන් අද (12) සවස පැවැත්වෙන ඡන්ද විමසිමේදි විරුද්ධව ඡන්දය පාවිච්චි කිරිමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබේ. අය වැයට විරෝධය පළ කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය. අද(12) පෙරවරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු සංකිර්ණයේදි විපක්ෂ නායක Read More

අය වැයට පක්ෂව ඡන්දය දෙන්න තවම තීරණයක් ගෙන නැහැ – මාවෙයි සේනාධිරාජා

ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකශ කිරීමට දෙමල ජාතික සන්ධානය මෙතෙක් තීරණය කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පැවසීය. අයවැය අවසන්වීමට ප්‍රථම දෙමල ජාතික සන්ධානය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කරන බවත් උතුරේ සංවර්ධනය සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර හිමිඋවහොත් පමණක් අයවැයට පක්ෂව ඡන්දය ලබාදෙන බවද හෙතෙම පැවසීය. අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙනම් Read More

කිරි පිටි ගැන කෑ ගසන GMOA කිසිදු වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් නොකරන්නේ මන්ද

ආනයනික කිරිපිටි ගැන කෑ ගසන බොහෝ වෛද්‍යවරු එහි අන්තර්ගතයන් පිළිබඳව සිදුකළ කිසිඳු පරීක්ෂණ වාර්තාවක් ගැන සඳහන් නොකරන බව ස්වාධින වෛද්‍ය වෘත්තිකයින් පවසති. ආනයනික කිරි පිටි ගැන පරීක්ෂණ කිරීමට සැබෑ ඕනෑකමක් තිබේනම් දේශීයව හෝ විදේශීයව ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කළ හැකි ලොව පිළීගත් පර්යේෂණාගාර බොහෝමයක් පවතින බවද ඔවුන් කියා සිටියි. එසේ නොමැතිව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය Read More

අතුරුදන් වූ තැනැත්තන්ගේ පවුල්වලට රුපියල් 6000 ක මාසික දිමනාවක්

අතුරුදන් වූ තැනැත්තන්ගේ පවුල් වල සාමාජිකයන්ට රු 6,000 බැගින් මාසික දීමනාවක් ලබා දෙන බව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සදහන් කරයි. ඒ අනුව යුද්ධයේදී අතුරුදන් වූ හමුදා හා පොලිස් නිලධාරීන් , එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් ඇතුළු අතුරැදහන් වුවන්ගේ පවුල් වෙත මෙම දීමානව ලබාදීමට නියමිතය. පසුගිය ක‍්‍රියාන්විතයේදී මෙන්ම 1988/89 භීෂණ සමයේ අතුරුදන්වූ පුද්ගලයින්ද  පසුගිය කාලයේ Read More

රජයේ ඉඩම් විදේශිකයන්ට දෙන ඉඩම් බැංකු පනතක් සම්මත කර ගන්න යනවා – විමල් විරවංශ

රජයේ ඉඩම් විදේශියින්ට මිලදී ගැනීමට හැකිවන පරිදි ඉඩම් බැංකු පනතක් සම්මත කරගැනීමට ආණ්ඩුව සුදානම්වන බවත් එම පනත්කෙටුම්පත මේවනවිට සකස්කර ඇති බවත්  පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට ඊයේ(11දා) පාර්ලිමේන්තුවේදී එක්වෙමින් මන්ත්‍රීවරයා මේබව පැවසීය. ඇමරිකානු රජයේ වැඩපිළීවෙලක් වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් නම් වැඩසටහන මගින් ඒ සඳහා මුල්‍යාධාර ලබාදී ඇති බවත් පැවසු   විමල් Read More

සමහරු අද අධිකරණයට බලපෑම් කරන්න උත්සාහ කරන්නේයැයි අධිකරණ ඇමතිනිය කියයි

අධිකරණ ඇමති හැටියට කියන්න ඕන අද සමහර අය අධිකරණයට බලපෑම් කරන්න උත්සාහ කරනවා.එහෙම වුණොත් කොච්චර සම්පත් තිබුණත් රට ආයෙත් ආපස්සට යනවා මිසක් ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ නැහැ. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි. යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ විශේෂ වැඩ සටහන යටතේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මගින් රුපියල් ලක්ෂ 17 ක් Read More

අය වැය ලේඛන දැක ඇතත් මෙවැනි සිහින අය වැය ලේඛනයක් දැක්කේ නැහැ – ප්‍රසන්න රණතුංග

ඕනෑ තරම් අයවැය ලේඛන දැක ඇති නමුත් ඛේමාගේ කොලුවාගේ සිහින අයවැය වැනි දෙකේ පන්තියේ අයවැය ලේඛනයක් උපන්තේකට දැක නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ ක්‍රියාකාරීන් පිරිසක් දැනුවත් කිරීමේ හමුවකට මිනුවන්ගොඩ දී ඊයේ Read More

අරපරිස්සමෙන් විදුලිය පාවිච්චි කරන්නැයි විදුලි බල ඇමති ජනතාවගෙන් ඉල්ලයි

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්ගේ ජල මට්ටම දිනෙන් දිනෙම අඩුවේගන යනවා. ඒ නිසා අපි තාප බලාගාර යොදා ගනිමින් තමයි කටයුතු කරන්නේ. අපට හදිසි විදුලිබලය මිලදී ගැනීමට අවශ්‍යතාවක් හෝ විදුලි මිල වැඩි කරන්න අවශ්‍යතාවක් නැහැ.  ඒ නිසා අරපරිස්සමෙන් විදුලිය පාවිච්චි කරන්න කියලා මම අපේ ලක්ෂ 65 ක් පමණ වූ විදුලි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. විදුලි පාරිභෝගික ජනතාවගෙන් මා Read More

මහරගමදි පුද්ගලයෙකු මැරුවාට කොස්ගොඩ තාරකගේ ගෝලයෙකු මිරිහානෙන් අල්ලයි

මහරගමදි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරිම සම්බන්ධයෙන් කොස්ගොඩ තාරකගේ ගෝලයෙකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි ගගන චන්තක නැමැති තිස්පස් හැවිරිදි පුද්ගලයෙකි. ඉකුත් පෙබරවාරි 21 වෙනි දින මහරගම,පන්නිපිටිය අරලිය උයනේදි යතුරුපැදියකින් පැමිණ පුද්ගලයෙකුට වෙඩිතබා පලා ගොස් තිබුණි.එකි ඝාතනයේ ප්‍රධාන සැකකරු වු මොහු කොස්ගොඩ Read More

කැවුමාගේ කුලී නිවසේ තිබී හෙරොයින් හා ආයුධ සමග මධූෂ්ගේ පියාගේ අවමගුලේ සිටි තැටි ද සොයා ගනි

දියමන්ති කොල්ලයේ ප්‍රධාන සැකකරු වු කැලුම් ඉන්දික නොහොත් කැවුමාගේ කුලි නිවසේ තිබි හෙරොයින් හා ආයුධ වලට අමතරව මාකඳුරේ මධුෂ්ගේ පියාගේ අවමංගල්‍ය දර්ශන ඇතුලත් සි.ඩි තැටියක් සොයා ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින්  ඊයේ (11) දින මොරටුව,සොයිසා පාරේ පිහිටි දෙමහල් නිවසක් පරික්ෂා කල අවස්ථාවේ එහි තිබි හෙරොයින් කිලෝ 150 කට Read More

t

o

p