අය වැයට පක්ෂව ඡන්දය දෙන්න තවම තීරණයක් ගෙන නැහැ – මාවෙයි සේනාධිරාජා

March 12, 2019

ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකශ කිරීමට දෙමල ජාතික සන්ධානය මෙතෙක් තීරණය කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පැවසීය.

අයවැය අවසන්වීමට ප්‍රථම දෙමල ජාතික සන්ධානය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කරන බවත් උතුරේ සංවර්ධනය සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර හිමිඋවහොත් පමණක් අයවැයට පක්ෂව ඡන්දය ලබාදෙන බවද හෙතෙම පැවසීය.

අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙනම්  ඊයේ(11දා) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයා මේබව කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

යුද්ධයෙන් පස්සේ  උතුරැ පළාතේ බොහෝ දේවල් සංවර්ධනය කරන්නට ඔන කියලා ආණ්ඩුව කිව්වා. මීට කලින් අයවැය තුලද උතුරැ සංවර්ධනයට මුදල් වෙන්කර තිබුණා . නමුත් සිදුවුන සංවර්ධනය  මදි.  මේ ගැන අපි අගමැති එක්ක නිතරම කතාකළා. මෙවර අයවැය මගිනුත් උතුරට මුදල් වෙන්කර තිබෙනවා. නමුත් එය ප්‍රමාණවත් නැහැ.

අපි මේ ආණ්ඩුවේ අයවැය වෙනුනෙන් විපක්ෂයෙන් ඉදන් ඡන්දය දුන්නේ උතුරැ ජනතාව ගැන හිතලා. ඔවුන් වෙනුවෙන් වැඩකරන්න පුළුවන් වෙයි කියලයි අපි අයවැයට පක්ෂව ඡන්දය දුන්නේ. කොහොම උනත් මෙවර අයවැය ඡන්දයට කිලින් අපි අගමැතිතුමා සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙවර අයවැය දෙවැනිවර ඡන්ද වීමසීමේදී එයට පක්ෂව ඡන්දය දෙන්න අපි තවම තීරණය කර නැහැ. කොහොම උනත් අයවැය තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීමට පෙර  අගමැති සාකච්ඡා කරලා අපේ ස්ථාවරයට ප්‍රකාශ කරනවා යැයි සඳහන් කළේය.

 

t

o

p