එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා ජනතා විමුක්ති පෙරමුණේ ඡන්දය අය වැයට විරුද්ධවයි

March 12, 2019

අයවැය ලේඛනය සම්බන්ධයෙන් අද (12) සවස පැවැත්වෙන ඡන්ද විමසිමේදි විරුද්ධව ඡන්දය පාවිච්චි කිරිමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබේ.

අය වැයට විරෝධය පළ කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

අද(12) පෙරවරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු සංකිර්ණයේදි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී මෙම එකඟතාවකට පැමිණෙන බව ද ඒ මහතා පැවසීය.

අය වැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළද ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂයට ඡන්ද විමසිමක් පැවැතුනොත් එහිදි පක්ෂව ඡන්දය ලබා දෙන බවද ඒ මහතා සදහන් කළේය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ද මෙවර අයවැයට විරුධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබේ. දෙමළ ජාතික සන්ධානයේ තිරණය තවම ප්‍රකාශ කර නොමැත.

 

t

o

p