කිරි පිටි ගැන කෑ ගසන GMOA කිසිදු වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් නොකරන්නේ මන්ද

March 12, 2019

ආනයනික කිරිපිටි ගැන කෑ ගසන බොහෝ වෛද්‍යවරු එහි අන්තර්ගතයන් පිළිබඳව සිදුකළ කිසිඳු පරීක්ෂණ වාර්තාවක් ගැන සඳහන් නොකරන බව ස්වාධින වෛද්‍ය වෘත්තිකයින් පවසති. ආනයනික කිරි පිටි ගැන පරීක්ෂණ කිරීමට සැබෑ ඕනෑකමක් තිබේනම් දේශීයව හෝ විදේශීයව ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කළ හැකි ලොව පිළීගත් පර්යේෂණාගාර බොහෝමයක් පවතින බවද ඔවුන් කියා සිටියි.

එසේ නොමැතිව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දේශපාලන හේතු පදනම් කරගනිමින් කිසිදු වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් නොකර සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කළ නිවේදනයක් පමණක් පෙන්වමින් කෑ ගසමින් වෛද්‍ය වෘත්තිය හෑල්ලු කරන බව ස්වාධින වෛද්‍යවරුන්ගේ අදහසවේ.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රධානින්ගේ පෞද්ගලික දේශපාලන අවශ්‍යතා පිරිමසා ගන්න මෙවැනි කටයුතු කිරිම ගැන ස්වාධින වෛද්‍යවරු සිය අප්‍රසාදය පළ කරයි.

ආනයනික කිරි පිටි පිළිබඳ අද සමාජයේ යළිත් මත ගැටුමක් හට ගෙන ඇත. මීට පෙර අවස්ථාවලදී මෙන්ම මෙවරද ආනයනික කිරි පිටිවල ඌරු තෙල් මිශ්‍ර බවට මතයක් සමාජ ගතකිරීමේ ඇතැම් දේශපාලන හා වෘත්තීය කණ්ඩායම්

උත්සාහයක නිරතවේ. වෘත්තීකයින් ලෙස එහි මෙවරද පෙරමුණ ලෙන ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ය.

වෛද්‍යවරුන් කියන බොහෝදෑ පිළිගන්නා මට්ටමක සිටින අප රටේ මහජනතාව මොවුන් ඉදිරිපත්කරන මතය පිළිබඳව මීට වඩා කල්පනා කාරී විය යුතුය.

වෛද්‍යවරුන්ගේ මූලික කාර්ය රෝගීන්ට බෙහෙත් දීමය. ඒ සඳහා නිවැරදිව රෝග විනිශ්චය කර ගත යුතුය. වර්ථමානයේ නවීණ විදාත්මක හා තාක්ෂණික ක්‍රම මගින් බොහෝ අවස්ථාවල රෝග විනිශ්චය කළ හැකි පිළිගත් පරීක්ෂණ අද ලොකයේ බහුලව සිදුවන නිවැරදි ක්‍රියාවලියයි. එවැනි පරීක්ෂණ වල ප්‍රතිපළ මත සිදුකරන ප්‍රතිකාර ක්‍රම රෝග නිවැරදිව සුව කර ගත හැක.

එසේ නොකර අවිද්‍යාත්මක කරුණු ඉදිරිපත් කර ජනතාව මුලා කරන වෛද්‍යවරුන් රෝගීයෙකුට නිවැරදීව ප්‍රතිකාර කරනු ඇතැයි සිතිය හැකිද

 

t

o

p