අතුරුදන් වූ තැනැත්තන්ගේ පවුල්වලට රුපියල් 6000 ක මාසික දිමනාවක්

March 12, 2019

අතුරුදන් වූ තැනැත්තන්ගේ පවුල් වල සාමාජිකයන්ට රු 6,000 බැගින් මාසික දීමනාවක් ලබා දෙන බව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සදහන් කරයි.

ඒ අනුව යුද්ධයේදී අතුරුදන් වූ හමුදා හා පොලිස් නිලධාරීන් , එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් ඇතුළු අතුරැදහන් වුවන්ගේ පවුල් වෙත මෙම දීමානව ලබාදීමට නියමිතය.

පසුගිය ක‍්‍රියාන්විතයේදී මෙන්ම 1988/89 භීෂණ සමයේ අතුරුදන්වූ පුද්ගලයින්ද  පසුගිය කාලයේ දේශපාලන හේතූන් මත බලහත්කාරයෙන් අතුරුදන් කළ පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයන්ට මෙම මාසික දීමනාව ලබා දෙන බව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ නිළධාරියෙකු පැවසීය.

මෙම මාසික දීමනාව  සඳහා අතුරුදන්වූ පුද්ගලයා වෙනුවෙන් ඥාතීන් විසින් රෙජිස්ට‍්‍රාර් ජෙනරාල් කාර්යාලයෙන් ‘ නොදුටු සහතිකය’ නමැති  සහතිකය  අනිවාර්යයෙන්ම ලබා ගත යුතු බවත්  අවශ්‍යකරන ලියවිලි සපයා ගැනීමේ අපහසුතාවය නිසා මෙම ‘නොදුටු සහතිනය මේවන විට ලබා ගෙන ඇත්තේ ඉතා සු`ථ පිරිසක් බවද හෙතෙම ප‍්‍රකාශ කළේය.

මෙම වන්දි ගෙවීම සඳහා රු. බිලියන 500 ක මුදලක් මෙවර අයවැයෙන් වෙන් කිරීමට යෝජනා වී ඇත.

t

o

p