රජයේ ඉඩම් විදේශිකයන්ට දෙන ඉඩම් බැංකු පනතක් සම්මත කර ගන්න යනවා – විමල් විරවංශ

March 12, 2019

රජයේ ඉඩම් විදේශියින්ට මිලදී ගැනීමට හැකිවන පරිදි ඉඩම් බැංකු පනතක් සම්මත කරගැනීමට ආණ්ඩුව සුදානම්වන බවත් එම පනත්කෙටුම්පත මේවනවිට සකස්කර ඇති බවත්  පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට ඊයේ(11දා) පාර්ලිමේන්තුවේදී එක්වෙමින් මන්ත්‍රීවරයා මේබව පැවසීය.

ඇමරිකානු රජයේ වැඩපිළීවෙලක් වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් නම් වැඩසටහන මගින් ඒ සඳහා මුල්‍යාධාර ලබාදී ඇති බවත් පැවසු   විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් කියලා ඇමරිකානු රජයේ වැඩපිළිවෙලක් තිබුණා. එහි පිරිසක් ලංකාවට ඇවිත් අරලියගහ මන්දිරය තුළ කාර්යලයක් පිහිටුවා තිබුණා. ඔවුන් ලංකාවට බිලියන 480 ක් පමණ ආයෝජනය කරනවා. රජයේ සියලුම ඉඩම් සඳහා ඉඩම් බැංකුවක් හදන්න කියලා යෝජනා කරනවා. ඉඩම් බැංකු පනත සම්මත කිරීමෙන් පසුව සියම රජයේ ඉඩම් මේ බැංකුව යටතට ගන්නවා.

ත්‍රිකුණාමලය වරායේ සිය කොළඹ දක්වා ආර්ථික කොරිඩොවක් හදන්න යෝජනා කර තිබෙනවා. ඇමරිකාව එකග වෙන ආයෝජකයෝ පමණයි මේ සඳහා එන්නේ. මෙහෙම කරන්නේ කුමන බලාපොරොත්තුවකින්ද? . ඇමරිකානු නැවක් සඳහා පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානක් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටුවන්නත් සැලසුම්කර තිබෙනවා.

මත්තල ගුවන්තොටුපලෙන් 70 ක් ඉන්දියාවට දෙන්න කැබිනට් මණ්ඩලයට තීරණය කරලා තිබෙනවා. තවත් බොහෙමයක් ඉන්දියාවට දෙන්න සැලසුම්කරලා තිබෙනවා.  බදු බර අධිකලෙස මහජනයා මත පටවලා ඔවුන් ආර්ථික දිලින්දන් කරලා විදේසිකයින්ට රට අත්පත් කරලා දෙන්න තමයි මේ අයවැය ගෙනත් තිබෙන්නේ. යයි පැවසීය.

 

t

o

p