සමහරු අද අධිකරණයට බලපෑම් කරන්න උත්සාහ කරන්නේයැයි අධිකරණ ඇමතිනිය කියයි

March 12, 2019

අධිකරණ ඇමති හැටියට කියන්න ඕන අද සමහර අය අධිකරණයට බලපෑම් කරන්න උත්සාහ කරනවා.එහෙම වුණොත් කොච්චර සම්පත් තිබුණත් රට ආයෙත් ආපස්සට යනවා මිසක් ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ නැහැ. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි.

යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ විශේෂ වැඩ සටහන යටතේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මගින් රුපියල් ලක්ෂ 17 ක් වැය කරමින් අභිනවයෙන් ඉදි කළ නිවිතිගල වඳගල ප්‍රජා ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරාය මෙසේ ද සඳහන් කළාය.

රටක් භාර අරගෙන අවුරුදු තුනක් තුළ අගමැතිතුමාගේ තිබිච්ච උවමනාව, මහන්සිය විශේෂයෙන්ම සියළුදෙනාම එකතුකරගෙන වැඩ කරන්න පුලුවන්කම පෙන්නපු නිසා අපිට අද ගොඩක් වැඩකටයුතු කරන්න උදව් කරන්න ලෝකෙ දියුණු රටවල් උදව් කරන්න යනවා. ඉතින් මේ පාරත් ගිය අවුරුද්දේ ගම්පෙරළිය වැඩසටහන පටන් ගත්තා. ඒ වගේම ස්වාමීන් වහන්සේත් දන්නෙ නෑ අගමැතිතුමා මට තවත් අමාත්‍යාංශයකුත් දුන්නා මම භාරගත්තේ නෑ. හැබැයි මම ඒකේ මුදල් ටික ලබාගත්තා අපේ සංවර්ධන කටයුතු වලට. ඒ මුදල් වලින් ලක්ෂ දාහතක වගේ මුදලක් තමයි විශේෂෙන්ම මේ අජිත් නාවලගේ මහත්මත් අපේ ලේකම් උපුල් මහත්තයත් කිව්වා හොඳ වැඩ කටයුත්තක් තියනවා අපිට මේක කරන්න පුළුවන්නම් කියලා. ඉතින් ඒ අනුව තමයි මෙතන ඒ කාලෙත් හදපු පස්සේ නවීකරණය වෙච්ච ප්‍රජාශාලාව නැවතත් ගොඩනගන්න කටයුතු කලා. ඇත්තටම මම සංතෝෂ වෙනවා. ගම්පෙරලිය වැඩසටහන වගේම මුදල් යොදවන්නේ ගම්වල සංවර්ධන වැඩ වලට ගිය අවුරුද්දෙත් මේ කොට්ඨාශයට හිටපු හැටියේ ලක්ෂ දාහක විතර මුදලක් දුන්නා හැබැයි රටේ කුමන්ත්‍රණයක් තිබ්බා බලය අල්ලන්න සමහරුන්ට බලය නැතුව ඉන්න බැරි නිසා, බලයෙ ඉන්න අයට බලය පවත්වාගෙන යන්නත්, බලය නැති අයට බලය දෙන්නත් ඔක්තෝම්බර් 26 වෙනිදා කුමන්ත්‍රණයක් කරපු නිසාත් මාස දෙකක් ඇතුලත, දවස් 52 ක් ඇතුලත ආණ්ඩුවක් නැති තත්වයට රට පත්වුනාම   අපේ මුදල් වල තිබිච්ච මුදල් ආපහු ඒ ලැබිච්ච මුදල් සේරම අහෝසි කරා මොකද ඒ ආණ්ඩුවෙ ඒ නීතිවිරෝධී ආණ්ඩුවෙ පළවෙනි ඇමති මණ්ඩලයෙදි ගත්ත තීරණය තමයි ගම්පෙරළිය වැඩ සටහන අහෝසි කරන්න.

මම ස්වාමීන්වහන්සේගෙන් එක ඉල්ලීමක් කරනවා, ස්වාමීන් වහන්ස අපිට සිංහල කමයි, බෞද්ධ කමයි මතක් වෙන්නේ ගොඩක් අයට මැතිවරණයක් ආවහම, මොකද ඡන්දෙ ඉල්ලන්න විතරයි. අපි එක්සත් ජාතික පක්ෂය හැටියට අපේ ප්‍රතිපත්තියක් තියෙනවා ස්වාමීන් වහන්සේලාට අපි නාමයෝජනා දෙන්නෙ නෑ. අපි ඔබවහන්සේලා දරාගෙන ඉන්න මේ චීවර, එතන අපි ගරු කරන්නේ අපේ බුදු හාමුදුරුවෝ වගේ. අපි කවදාවත් ඔබ වහන්සේලාගෙන්  මෙහෙම නිකම්ම වාඩිකරන්නේ නෑ තියෙන ආසනයට සුදු රෙද්දක් දලා වාඩිකරන්නේ තියෙන ගෞරවය නිසා. නමුත් සමහර අය හිතනවා ස්වාමීණ්වහන්සේලාට සලකන්නේ නෑ ස්වාමීණ්වහන්සේලාට තැනක් නෑ, බෞද්ධයින්ට තැනක් නෑ පක්ෂය තුල මේ ආණ්ඩුව තුල කියලා. මම බයනැතුව කියනවා මේ ආණ්ඩුව තරම් කිසිම ආණ්ඩුවක් වෙහෙර විහාර ගොඩනගන්න කටයුතු කළේ නෑ. සමහර අය, දැන් මම, අපි දන්නවා අපේ අගමැතිතුමා මේ රටේ තියෙනවා මධ්‍යම සංස්කෘතික අරමුදල, මධ්‍යම සංස්කෘතික අරමුදලේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම විදේශකයන්ගෙ මුදල්. මධ්‍යම සංස්කෘතික අරමුදල කියල කියන්නේ එතෙන්ට අපේ පෞරාණික ස්ථාන, සීගිරිය හෝ වේවා, දඹුල්ල විහාරස්ථානය හෝ වේවා අපේ අටමස්ථානය හෝ වේවා, නරඹන්නට විදේශිකයන්ගෙන් මුදලක් අයකරනවා. ඒ මුදල අයකරන්නේ ඩොලර් වලින් ඇමරිකානු ඩොලර් වලින් ඉතින් විශාල මුදලක් මේ අරමුදලේ තියෙනවා. ඒක වෙන කාටවත් අත තියන්න බැහැ. හැබැයි ඒකෙ කවදාවත් වෙන වෙන වැඩ වලට වැඩ කරන්න පහුගිය කාලවල කටයුතු කළා අපිට පුළුවන් වුනා අපේ අගමැතිතුමාගේ නායකත්වයෙන් අදියර දෙකකදි රටපුරා තියෙන විහාරස්ථාන දෙදහස් දෙසීයක අඩුම තරමේ ලක්ෂ තුනක මුදලක්වත් ලබාදෙන්න. ඉතින් අර ප්‍රචාරය වන ධර්මය අපි පාවිච්චි කරන්නේ නෑ අපේ තමන්ගේ පුද්ගලික වාසියට, අපි මේ වැඩ කටයුතු කරන්නේ . ඇත්තටම මම සංතෝෂ වෙනවා ඔබ වහන්සේගේ විහාරස්ථානය මෙතන තියෙන නිසා මේ ගොඩනැගිල්ලෙන් ඔබ වහන්සේ ගමට ප්‍රයෝජනයක් අරන් දෙන්න. ඔබ වහන්සේගේ අධීක්ෂණය යටතේ විශේෂයෙන් මේ මම අහගෙන හිටිය මේ ගමේ අය පෙර පාසලට යන්න විශාල දුරක් යන්න ඕනි එතකොට මේ පුංචි දරුවෙක් අවුරුදු තුන හමාරෙන් හතරෙන් පෙර පාසල් යවන කොට කිලෝමීටරයක් විතර උදේ පයින් යනකොට දරුවට ඉස්කෝලෙ යන එකත් ජීවිතේ එපා වෙනවා. පටන් ගන්නකොටම ඔබවහන්සේ  මෙතන ඔබවහන්සේගේ අනුශාසකත්වය යටතේ පෙර පාසලක් පවත්වගෙන යනවනම් බොහොම හොඳයි. මට දැන් මේ වෙලාවෙ කියන්න බෑ.සිංහල බෞද්ධකම ගැන කථා කරන අපි හරි කණගාටුවෙන් කියන්න ඕන අපි හරි කුහකයි.දැන් මෙහේ වතුර ප්‍රශ්නයක් තිබුණා අද වතුර දෙන්නේ   යූ එන් පී කාරයාට විතරක් නෙවෙයි.පවුලේ අයට විතරක් නෙවෙයි.ඒ නිසා අපි සියලුම දෙනාම එකම සහෝදර බැම්මකින් ජීවත් වෙන්න ඕන.අපි රජය විදිහට කටයුතු කරන්නේ බලය පවත්වා ගන්න විතරක් නෙමෙයි.අද හරි දේ හරියට කරනවා.මේවා දේශපාලන වාසි බලා ගෙන විතරක්ම බලයේ ඉන්නම නෙමෙයි හරි දේ අපි හරියට කරන්න ඕන .විනය ගරුක නීති ගරුක සමාජයක් මේ පලාත්වල අපි ඇති කරන්න ඕන.මේවා සියල්ල කරන්නේ අපේ අගමැතිතුමාගේ නායකත්වය යටතෙයි.කුමන්ත්‍රණ කළ නීති විරෝධී අගමැතිවරු පත් කර ගන්න හැදුවා .නීති විරෝධී ආණ්ඩු හැදුවා .

 

අද ඒවා කරනවා විතරක් නෙමෙයි සමහර අය අද අධිකරණයටත් බලපෑම් කරන්න උත්සාහ කරනවා.අපේ යහපාලන රජය තුළින් තමයි අධිකරණය ස්වාධීන කළේ.ඉස්සර නඩුකාරතුමන්ලාට කථා කරලා කිවුවහම ඒ තීන්දුව ලියපු යුගයක් තිබුණා.අපි ඒවා නතර කළා ඒත් මම අධිකරණ ඇමති හැටියට කියන් ඕන අද සමහර අය අධිකරණයට බලපෑම් කරන්න උත්සාහ කරනවා.එහෙම වුණොත් කොච්චර සම්පත් තිබුණත් රට ආපස්ස්ට ආයෙත් යනවා මිසක් ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ නැහැ.අද ලක්ෂ හයකට සමෘද්ධි දීමනාව දෙන්න අපේ මුදල් ඇමතිතුමා මුදල් ලබා දුන්නා .ඒ ලක්ෂ හයකට සමෘද්ධි දීමනාව දෙන කොට අපි බලන එකම නිර්ණායකය නැති බැරිකම දුප්පත්කම විතරයි.මගේ මේ ආසනයේ හැම වසමකටම හතලිස් පහකට සමෘද්ධිය ලබා දෙන්න පුළුවන්.කල්පනා කරලා බලන්න 1995 ඉඳලා අද වෙනකල් සමෘද්ධිය ගන්න සමහර අය ඉන්නවා .එදා ඒ අය තහංචි දාලා තිබුනා එක්සත් ජාතික පකෂයේ කෙනෙක් නම් සමෘද්ධිය තහනම්.අපේ මනුස්සයෙකුට සමෘද්ධිය විතරක් නෙවෙයි වතුර ටිකත් තහනම් වෙලා තිබුණා.සමෘද්ධිය දෙන්නේ පක්ෂය හොයලා බලලා නෙවෙයි නැති බැරිකම ගැන හොයලා බලලා.සුදුසු පුද්ගලයින්ට ඒක ලැබෙනවා ද කියලා අපි හොයලත් බලනවා.හැමදාමත් අසරණ වෙච්ච කර ගන්න දෙයක් නැති පිරිසකුත් මේ පළාත්වල ජීවත් වෙනවා.අපි හම වෙලාවේම උත්සාහ කරන්නේ සාධාරණ දේ කරන්න.අද මේ නිවිතිගල මැතිවරණ කොට්ඨාශයේ සුසාන භූමි සදහා වෙන් කල බිම්වත් නැහැ.ඒවාගේත් නීති විරෝධී විදිහට පදිංචි කරවලා.අපි බලා ගෙන හිටියේ ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කරලා ඒ කටයුතු ටික නිවැරදි කරන්න.මොකද බලයක් නැතිව වැඩ කරන්න බැහැ.හැම වසමකම සුසාන භූම් දෙකක්වත් වෙන් කරන්න ඕන ඒවා නැහැ.අපි කණගාටු වෙනවා ඕවා තමයි ප්‍රාදේශීය සභාවක වගකීම.දැන් ප්‍රාදේශීය සභාවේ අයට මේවා කරන්න පුළුවන් .රජය මැදිහත් වෙලා කරන්න පුළුවන් කටයුතු ටික උපරිම වශයෙන් අපි කරනවා යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

t

o

p