Local News

සජිත් ජනාධිපති කරන්න රනිල් ඉදිරිපත් කළ යෝජනාව පාක්ෂිකයෝ අනුමත කරති

එක්සත් ජාතික පක්ෂ‍යේ 2019 ජනාධිපතිවරණ අපේක්‍ෂකයා වශයෙන් නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීමටත්, එක්සත් ජාතික පෙරමුණෙහි සියළු පක්‍ෂවල හා අපගේ ප්‍රතිපත්ති අනුමත කරන සියළු පාර්ශවන්ගේ හා පුද්ගලයන්ගේ සහයෝගය පක්‍ෂයේ නියෝජ්‍ය නායක ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ලබා ගැනීමටත් එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය අද (03) යෝජනා සම්මත කර ගත්තේය. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා Read More

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් හෙට සිට

පවතින වර්ෂ සහිති කාලගුණයක් සමග නැවක ඩෙංගු රෝගය හිස ඔසවා ඇති බැවින් එය මැඩපැවැත්වීමේ අරමුණින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ඔක්තෝබර් 03‍, 04 සහ 05 යන දිනවල දිවයින පුරා පැවැත්වීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය තීරණය කර ඇත.   විශේෂයෙන් දකුණ, සබරගමුව, බස්නාහිර හා මධ්‍යම පළාත්වල ඩෙංගු රෝගය ව්‍යාප්ත විය හැකි බැවින් මෙම ඩෙංගු මර්දන වැඩසටහන ප්‍රකාශයට Read More

පරිපාලන සේවා වර්ජනය අවසන්

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විවිධ ශ්‍රේණිවල නිලධාරීන්ට දැනට ගෙවන දීමනාව වෙනුවට රුපියල් 15,000ක පොදු දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විවිධ ශ්‍රේණිවල නිලධාරීන්ට රුපියල් 3000 සිට 15000 දක්වා දැනට ගෙවන විධායක දීමනාව සේවා කාලය නොසලකා මෙසේ පොදු දීමනාවක් ලෙස ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා සොයා Read More

2.00න් පසු වැසි

බස්නාහිර,සබරගමුව,මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.    එසේම නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල සිහින් වැසි ඇති විය හැකිය.   බස්නාහිර, සබරගමුව, මධ්‍යම,ඌව සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන Read More

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සති අන්තයේ

අපේක්ෂකයින් 339369 දෙනෙකුගේ  ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ සති අන්තයේදී නිකුත් කිරීමට නියමිතව ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු ඉකුත් දිනවල නිමකර තිබූ අතර ප්‍රතිඵල ලේඛන සකස් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බවද එම ආරංචි මාර්ග කියයි.

ලොකුළූණු බද්ද රුපියල් 39කින් පහළට

ආනයනික ලොකුළූණු කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 39කින් පහළට දැමූ බව ජීවන වියදම් කමිටුවේ සභාපති කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය ආර්ථික සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය. වෙළපළෙහි ලොකුළූණු කිලෝවක මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්වන බැවින් මෙම තීරණයට එළඹි බව අමාත්‍යවරයා කීය. ආනයනික ලොකුළූණු කිලෝවක් සඳහා වන බද්ද අද (01) Read More

අනිද්දා සුරාසැල් වැසේ

ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් ලබන 03 වනදා සියළුම සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. විවෘත කොට තිබෙන සුරාසැල් ඵම බලපත්‍ර ලත් ස්ථාන වලට ඵරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කොට ඵම බලපත්‍ර අත්හිටුවීමට කටයුතු කිරීමටත්‚ මත්පැන් සැපයුම් දාමයට අදාල නීත්‍යාණුකූල කටයුතු විධිමත්ව සිදුවන බවට වගබලාගැනීමටත් සියළුම ක්ෂේත්‍රගත සුරාබදු නිලධාරීන්හට උපදෙස් දී ඇත.  

රණවිරු විරෝධතාවය අවසන්

ඔවුන්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන බවට ලැබුණු පොරොන්දු මුල්කරගනිමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දින 20ක් පුරා සිදුකළ විරෝධතාවය අද(30) දහවල් අවසන් විය. රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති යූ.ඩී. වසන්ත මහතා සඳහන් කළේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද විරෝධතාව පැවති Read More

සිවිල් සංවිධාන නියෝජිතයින් අගමැති හමුවේයි

අද සිවිල් සමාජය මෙතැනට පැමිණීම ගැන මම විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා. අපි සටන් ගණනාවක යෙදිලා තියෙනවා. අපි සියලූ දෙනාම එකට වැඩකරපු නිසා අද නිදහසේ කතා කරන්න පුළුවන්. නිදහසේ ක්‍රියා කරන්න පුළුවන්. ඒ සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් ටික අද ලංකාවේ තිබෙනවා. අයුතු විදිහට ක්‍රියා කරන්නවත්, බලපෑම් කරන්න යන්නෙවත් නැහැ. සුදු වෑන් අද ලංකාවේ නැහැ. සුදු වෑන් සංස්කෘතිය අවසන් Read More

හංස හූනියම මෙවර නැත්තට නැති කරන්න යයි

ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරමුණේ තබාගෙන සජිත් අවතාරය පරාජය කරමින් හංස හූනියම මෙවර නැත්තට නැති කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. 2015 වසරේ සිට මේ රටට තිබෙන ලොකුම හූනියම හංසයා බව පැවසූ රණතුංග මහතා එම හූනියම කැපිය හැකි එකම අපේක්ෂකයා ගෝඨාභය පමණක් බවත් අවධාරණය කළේය. රණතුංග Read More

t

o

p