ලොකුළූණු බද්ද රුපියල් 39කින් පහළට

October 1, 2019

ආනයනික ලොකුළූණු කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 39කින් පහළට දැමූ බව ජීවන වියදම් කමිටුවේ සභාපති කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය ආර්ථික සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය.

වෙළපළෙහි ලොකුළූණු කිලෝවක මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්වන බැවින් මෙම තීරණයට එළඹි බව අමාත්‍යවරයා කීය.

ආනයනික ලොකුළූණු කිලෝවක් සඳහා වන බද්ද අද (01) මධ්‍යම රාත්‍රියේ සිට රු. 39 කින් පහළ දැමීමට ජීවන වියදම් කමිටුව තීරණය කොට ඇත.

ඉදිරියේ දී ඊජිප්තුව හා පකිස්ථානය වැනි රටවලින් ලොකුළූණු ආනයනය කිරීමට ආනයනකරුවන්ට අවස්ථාවක් ඇතැයි කමිටුව ප්‍රකාශ කළේය. 

t

o

p