හංස හූනියම මෙවර නැත්තට නැති කරන්න යයි

September 30, 2019

ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරමුණේ තබාගෙන සජිත් අවතාරය පරාජය කරමින් හංස හූනියම මෙවර නැත්තට නැති කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

2015 වසරේ සිට මේ රටට තිබෙන ලොකුම හූනියම හංසයා බව පැවසූ රණතුංග මහතා එම හූනියම කැපිය හැකි එකම අපේක්ෂකයා ගෝඨාභය පමණක් බවත් අවධාරණය කළේය.

රණතුංග මහතා මෙම අදහස් පළ කළේ ගම්පහ දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයන් පිරිසක් උඩුගම්පොළ දී ඊයේ (28) හමුවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

2015 ඉඳන් මේ රටට තියෙන ලොකුම හූනියම තමයි හංසයා. 2015 දී බලයට ඇවිත් මේ රට විනාශ කරලා දැම්මා. පාස්කු ප්‍රහාරයත් සමඟ මේ රටේ සංහිඳියාව විනාශ වෙන්න හේතු වුණේ මේ හංසයා. මේ හූනියම කපන්න පුළුවන් එකම අපේක්ෂකයා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. සජිත් ප්‍රේමදාස වගේ අවතාර දහයක් ආවත් මේ මැතිවරණයේ දී ගෝඨාභය මහත්තයා තමයි මේ රටේ ජනාධිපති වෙන්නේ. ඒක ඉර හඳ වගේ විශ්වාසයි.

සජිත් ප්‍රේමදාස කෙරෙහි රනිල් වික්‍රමසිංහගේ විශ්වාසය මොකක්ද කියලා අපි දන්නේ නැහැ. මහින්ද මහත්තයා ජනතාවගේ ඉල්ලීම පරිදි ගෝඨාභය මහත්තයා දාන කොට කොන්දේසි දැම්මේ නැහැ. මමයි අගමැති, මමයි පක්ෂ නායක කිව්වේ නැහැ. හැබැයි රනිල් වික්‍රමසිංහ සජිත්ව පත් කරනකොටම කියනවා මාස හයකින් ජනාධිපතිකම අහෝසි කරන්න ඕනේ කියලා. අගමැතිකමත් ඕනේ කියනවා.

තමන්ට විශ්වාස කෙනෙක් දානවා නම් කොන්දේසි දාන්න ඕනේ නැහැනේ. මහින්ද මහත්තයා ගෝඨාභය මහත්තයට දුන්නා වගේ විශ්වාසය උඩ දුන්නා නම් කොන්දේසි දාන්න දෙයක් නැහැ. රනිල්ට සජිත්ව විශ්වාස නැහැ කියන එකයි මේකෛන් පේන්නේ. සංස්කෘතික අරමුදලේ හොරකම්, රැකියා ලබාදීමේ දී කරලා තියෙන වංචා ගැන බලන කොට සජිත් කියන්නේ කවුද කියන එක පැහැදිලියි.

සජිත් කියන්නේ තවත් කවටයෙක් විතරයි. අපිට මේ රටට අවශ්‍ය වගකීමක් දරන්න පුළුවන්, විනය ආරක්ෂා කරන්න පුළුවන් නායකයෙක්. නැතිව ෆුට්බෝල් ගහන, ඒ දඬුවල යන, ඉණිමං තියලා ගස් නගින කෙනෙක් නෙමෙයි. රට කළමනාකරණය කරන්න පුළුවන් කෙනෙක් ඕනේ. සජිත් වගේ කවටයෙක්ට රට භාර දෙන්න ජනතාව සූදානම් නැහැ.

ප්‍රේමදාස මහත්තයාගේ කාල සීමාවේ සජිත් මහ පාරට බැහැලා දේශපාලනය කරනවා කවුරුත් දැකලා තියෙනවද? ජාත්‍යන්තර නායකයෝ ආවම ළඟට ගිහින් පින්තූර ගැහුවා මිසක මහජනතාව සමඟ දේශපාලනය කරපු නායකයෙක් නෙමෙයි සජිත් කියන්නේ. පිටරට පැනලා ඉඳලා දේශපාලනයට ආපු කෙනෙක්. තමන්ගේ පිරිස පාවාදීපු කෙනෙක්.

සජිත් ගෙනියන්නේ තාත්තගේ වැඩපිළිවෙළ නම් ජනතාව ඒකටත් බයයි. 88/89 කාලයේ මේ රටේ තරුණ තරුණියන් 60,000ක් ටයර් සෑයවල්වල යැව්වේ ඔය කියන තාත්තම තමයි. ඒ නිසා ඒ වගේ නායකයෙක්ගේ අත්දැකීම් ක්‍රියාත්මක කරනවා නම් ඒ වගේ මිනිහෙක්ට ඡන්දය දෙන්න මේ රටේ ජනතාව සූදානම් නැහැ.

සුදුවෑන් සංස්කෘතියත් ආරම්භ කළේ රණසිංහ ප්‍රේමදාස. එයා තමයි භීෂණ කාලේ සුදු වෑන්වලින් තරුණ තරුණියන් උස්සලා ඝාතනය කළේ. ඔය ගෝඨාභය මහත්තයට කරන චෝදනාව මැතිවරණ කාලේ හදපු කතාවක්. අපි පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළා සුදු වෑන්වලින් කීදෙනෙක් උස්සලා තියෙනවද කියලා. ගයන්ත ඇමැතිතුමා කිව්වා එහෙම දෙයක් වාර්තා වෙලා නැහැ කියලා.

සජිත් ජනාධිපති වුණොත් අගමැති රනිල්. මිනිස්සු දැන් කියන්නේ රනිල් එපා කියලා. එතකොට සජිත් ජනාධිපති වුණාම අගමැති වෙන්නේ මිනිස්සුන්ට එපා වේචච රනිල් නම් ඒ දෙන්නට පුළුවන්ද රටක් හදන්න. හැබැයි මහින්ද, ගෝඨාභය සුසංයෝගයට පුළුවන් මේ රට හදන්න. යුද්ධය ඉවර කරපු, රට සංවර්ධනය කරපු සුසංයෝගයක් තමයි අපි ගේන්න හදන්නේ.

එහෙම නැතුව ජනතාව වෙනුවෙන් මැරෙන්න යන කෙනෙක් නෙමෙයි. මැරෙන්න ඕනේ නම් ජනාධිපති වෙන්න ඕනේ නැහැනේ. සමහරු මැරෙනවා වගේ කෝච්චියට පැනලා මැරෙන්න පුළුවන්නේ. රාජපක්ෂවරුන් හයදෙනාම දේශපාලනයට සුදුසු නම් ඒ අය දේශපාලනයට ආවට කමක් නැහැ. රණතුංග පවුලේ තුන්දෙනෙක් ක්‍රිකට් ගැහුවේ? වෙන අය හිටියේ නැද්ද?

දක්ෂයා නම් දක්ෂයට තැන දෙන්න ඕනේ. එහෙම නැතුව දක්ෂයෙක් වුණත් රණතුංග පවුලේ නම් ක්‍රිකට් ගහන්න බැරිද? රාජපක්ෂවරුන් වැඩ කරලා පෙන්නලා තියෙනවා. මම කාටවත් බය නැහැ. 2015 මහින්ද මහත්තයා පැරදිලා ගෙදර ගියාම එතුමා නැවතත් දේශපාලනයට ගේන්න මුලින්ම එළියට බැහැපු කෙනා තමයි මම. ඒ සටන අදටත් අතහැරලා නැහැ.

t

o

p