පරිපාලන සේවා වර්ජනය අවසන්

October 2, 2019

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විවිධ ශ්‍රේණිවල නිලධාරීන්ට දැනට ගෙවන දීමනාව වෙනුවට රුපියල් 15,000ක පොදු දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විවිධ ශ්‍රේණිවල නිලධාරීන්ට රුපියල් 3000 සිට 15000 දක්වා දැනට ගෙවන විධායක දීමනාව සේවා කාලය නොසලකා මෙසේ පොදු දීමනාවක් ලෙස ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා සොයා බැලීම සඳහා පත්කරන ලද ඇමැති අනු කමිටුව ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය සමඟ ද සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව දින විස්සක පමණ කාලයක් පැවැති ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ වැඩ වර්ජනය අවසන්කොට අද (02) සිට එම සංගමයට අයත් සියලු නිලධාරින් සේවයට වාර්තා කිරීමට තීරණය කර තිබේ.

t

o

p