Local News

කොරෝනා රෝගීන් ගණන 3362ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 3362 දක්වා ඉහළ ගොස් ඇත. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ (28) දිනයේ දී වාර්තා වූ රෝගීන් දෙදෙනා ලෙබනනයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු බවයි. මේ වන විට කොරෝනා රෝගීන් 140 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර රෝගීන් 3210 කු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්ට රටින් පිටවීම තහනම් වෙයි

නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් හිරෝස් ඉල්යාස්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොළඹ  ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළා. කපිතාන්වරයාට එරෙහිව පවරා තිබූ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි මෙම නියෝගය නිකුත් කෙරුණේ. කපිතාන්වරයා රිමාන්ඩ් කරන ලෙස නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා තිබුන ද ඒ සඳහා අවසර හිමි වුණේ නැහැ. මේ අතර නෞකාව අයත් සමාගමෙන් වන්දි ලෙස Read More

වැඩි මිලට පොල් අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් අරඹයි

අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් පොල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමෙන් අනතුරුව පොල් වැඩි මිලට විකුණන වෙළෙඳුන් සොයා වැටලීම් ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කරයි.   ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් අනතුරුව පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුව මිල නියම නොකරමින් පොල් අළෙවි කරන්නන් සොයා වැටලීම් සිදු කරන බව  පාර්භෝගික සේවා අධිකාරියේ Read More

කොවිඩ්-19 පාලනයෙන් ශ්‍රී ලංකාව ලොව දෙවැනි තැනට

කොවිඩ්-19 රෝග පාලනය හා මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ලොව රටවල් 108ක් අතරින් ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට පත්ව තිබේ.   ඒ සඳහා වූ පර්යේෂණය සිදු කරනු ලැබ ඇත්තේ චීනයේ “යීකායි“ පර්යේෂණ ආයතනය විසින්. මේ අනුව ශ්‍රී ලංකාව රෝගය මැඩපැවැත්වීමට විශේෂ ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතැයි එම ආයතනය පවසයි. මෙහි සම්පූර්ණ වාර්තාව ලබන ඔක්තෝබර් මාසයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. Read More

මාධ්‍යයට කෝප් කමිටුවේ ඉඩ නැහැ

පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ රැස්වීම් සඳහා සහභාගී වීමට මාධ්‍යයට ලබා දුන් ඉඩ ප්‍රස්ථාව මන් ඉදිරිට අවලංගු කිරීමට වත්මන් ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා වේ. මීට පෙර හිටපු කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාගේ මහත් පරිශ්‍රමය හේතුවෙන් කෝප් කමිටු රැස්වීම් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට කටයුතු කළ අතර ඒ තුළින් කෝප් කමිටුව පිළිබඳව ජනතාව තුළ Read More

ආණ්ඩුවේ පරිසර සංහාරයට එරෙහිව පරිසරවේදීන් විරෝධතාවයක

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව දිගින් දිගටම සිදුවන පරිසර විනාශයට එරෙහිව ජීවය සුරැකීමේ පරිසර එකතුව විසින් ඊයේ (25) දින මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්වීය පරිසර සංවිධාන කිහිපයක් නියෝජනය කරමින් පරිසවේදීන් ගණනාවක් මේ සඳහා එක්වූ අතර දිගින් දිගටම සිදුවන වන විනාශයත් වන විනාශය වෙනුවෙන් ආණ්ඩුව සූදානම් කරමින් තිබෙන නව නීති අණ පණත් පිළිබඳවත් මෙහිදී Read More

ඩීන් ජෝන්ස් දිවියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන ඩීන් ජෝන්ස් මියගොස් තිබේ. හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මරණයට පත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. මියයන විට ඔහු 59 හැවිරිදි වියේ පසුවිය. ඩීන් මර්වින් ජෝන්ස් ඉතා ජනප්‍රිය ක්‍රිකට් විචාරකයෙකි.

මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

වෙරළබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාළක මැදිරිය ප්‍රකාශ කරයි.   වැලිගම ප්‍රදේශයේ දී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් වෙරළබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව වාර්තා වෙයි.

අයාලේ යන සුනඛයින්ට ජල භීතිකා එන්නත්

අයාලේ යන සුනඛයින්ට ජල භීතිකා රෝග ප්‍රතිසක්තීකරන එන්නත් ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. මේ වනවිට ඇස්තමේන්තු ගත තොරතුරු අනුව අයාලේ යන සුනඛයින් ලක්ෂ 8 ක් පමණ සිටින බව සදහන්. එම සුනඛයින් එන්නත් කිරීම සඳහා විශේෂ කණ්ඩායම් යොදවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. .

නගර සභා කම්කරුවාගේ ගිණුමේ කෝටි 31ක්

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයූ බව කියන රුපියල් කෝටි 31ක මුදලක් බැර කොට බැංකු ගිණුම් පවත්වාගෙන ගිය මීගමුව නගර සභාවේ කම්කරු සේවකයකු, මෝටර් රථ අමතර කොටස් ව්‍යාපාරිකයකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු ඊයේ (23දා) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය පවසනවා. සැකකාර කම්කරු සේවකයාගේ ගිණුමේ රුපියල් කෝටි 18ක් ද ව්‍යාපාරිකයාගේ ගිණුමේ රුපියල් කෝටි 5ක් සහ අනෙක් Read More

t

o

p