වැඩි මිලට පොල් අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් අරඹයි

September 28, 2020

අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් පොල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමෙන් අනතුරුව පොල් වැඩි මිලට විකුණන වෙළෙඳුන් සොයා වැටලීම් ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කරයි.  

ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් අනතුරුව පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුව මිල නියම නොකරමින් පොල් අළෙවි කරන්නන් සොයා වැටලීම් සිදු කරන බව  පාර්භෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා පැවසීය. 

  පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුව මිල නියම කරනු ලැබු අතර එම වට ප්‍රමාණය සකස් කරගැනීම අසීරු කටයුත්තක් නොවන බව කියා සිටින සභාපතිවරයා එම මිල ගණන්වලට පොල් අළෙවි නොකරන්නේ නම් අධිකාරියේ අංක 1977 දුරකතන ඇමැතුමක් ලබා දෙමින් විස්තර දන්වන ලෙසයි  පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.

t

o

p