කොවිඩ්-19 පාලනයෙන් ශ්‍රී ලංකාව ලොව දෙවැනි තැනට

September 28, 2020

කොවිඩ්-19 රෝග පාලනය හා මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ලොව රටවල් 108ක් අතරින් ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට පත්ව තිබේ.  

ඒ සඳහා වූ පර්යේෂණය සිදු කරනු ලැබ ඇත්තේ චීනයේ “යීකායි“ පර්යේෂණ ආයතනය විසින්. මේ අනුව ශ්‍රී ලංකාව රෝගය මැඩපැවැත්වීමට විශේෂ ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතැයි එම ආයතනය පවසයි. මෙහි සම්පූර්ණ වාර්තාව ලබන ඔක්තෝබර් මාසයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

අතුරු වාර්තාවක් නිකුත් කරමින් එම පර්යේෂණ ආයතනය පවසන්නේ, ආසියානු රටවල් 10ක් එම ලැයිස්තුවේ ප්‍රමුඛතාව ගෙන ඇති බවයි. චීනය, ශ්‍රී ලංකාව, දකුනු කොරියාව, මියන්මාරය, ඔස්ට්‍රේලියාව, තායිලන්තය, නවසීලන්තය, වියට්නාමය සහ කාම්බෝජය ඒ අතර වේ.

රෝගය මැඩපැවැත්වීම හා පාලනය කිරීම සහ එය හඳුනා ගැනීම සඳහා ක්‍රමවේද පරිහරණය කිරීමේදී ශ්‍රී ලංකාව ගත් ක්‍රියාමාර්ග එහිදී ඇගැයීමට ලක්ව තිබේ.

t

o

p