නගර සභා කම්කරුවාගේ ගිණුමේ කෝටි 31ක්

September 24, 2020

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයූ බව කියන රුපියල් කෝටි 31ක මුදලක් බැර කොට බැංකු ගිණුම් පවත්වාගෙන ගිය මීගමුව නගර සභාවේ කම්කරු සේවකයකු, මෝටර් රථ අමතර කොටස් ව්‍යාපාරිකයකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු ඊයේ (23දා) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය පවසනවා.

සැකකාර කම්කරු සේවකයාගේ ගිණුමේ රුපියල් කෝටි 18ක් ද ව්‍යාපාරිකයාගේ ගිණුමේ රුපියල් කෝටි 5ක් සහ අනෙක් පුද්ගලයාගේ ගිණුමේ රුපියල් කෝටි 8ක් බැගින් බැර වී තිබූ බව පොලිසිය සඳහන් කළා.

t

o

p