ආණ්ඩුවේ පරිසර සංහාරයට එරෙහිව පරිසරවේදීන් විරෝධතාවයක

September 26, 2020

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව දිගින් දිගටම සිදුවන පරිසර විනාශයට එරෙහිව ජීවය සුරැකීමේ පරිසර එකතුව විසින් ඊයේ (25) දින මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්වීය

පරිසර සංවිධාන කිහිපයක් නියෝජනය කරමින් පරිසවේදීන් ගණනාවක් මේ සඳහා එක්වූ අතර දිගින් දිගටම සිදුවන වන විනාශයත් වන විනාශය වෙනුවෙන් ආණ්ඩුව සූදානම් කරමින් තිබෙන නව නීති අණ පණත් පිළිබඳවත් මෙහිදී අදහස් දැක්වීය

මේ අවස්ථාව සඳහා කැළණි ගං මිටියාවත සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු අසිත නිරෝෂණ, දේශපාලන ක්‍රියාකාරික විමල් කැටිපෙආරච්චි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ආචාර්ය අශෝක රංවල ඇතුළු පිරිසක් සහභාගී විය

t

o

p