නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්ට රටින් පිටවීම තහනම් වෙයි

September 29, 2020

නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් හිරෝස් ඉල්යාස්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොළඹ  ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළා.

කපිතාන්වරයාට එරෙහිව පවරා තිබූ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.

කපිතාන්වරයා රිමාන්ඩ් කරන ලෙස නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා තිබුන ද ඒ සඳහා අවසර හිමි වුණේ නැහැ.

මේ අතර නෞකාව අයත් සමාගමෙන් වන්දි ලෙස ඉල්ලා තිබූ රුපියල් මිලියන 442 ක සම්පූර්ණ මුදල ලබාදීමට එම සමාගම එකඟතාවය පළ කර තිබුණා.

t

o

p