චීනයේ 71 වැනි ජාතික දින සැමරුම අගමැති ප්‍රධානත්වයෙන්

September 29, 2020

ශ්‍රී ලංකාවේ චීන සංගමය සංවිධානය කළ චීන මහජන සමූහාණ්ඩුවේ 71 වැනි ජාතික දින සැමරුම අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (28) පස්වරුවේ පැවැත්විණි.

චිං රාජ වංශය බිදවැටීමත්, වූචං කැරැල්ල සහ චීන මහජන සමූහාණ්ඩුවේ ආරම්භයත් සිහිකිරීම වෙනුවෙන් සෑම වසරකම ඔක්තෝම්බර් 01 වැනිදා චීනය සිය ජාතික දිනය සමරනු ලබයි.

චීන රජය සංවිධානය කළ ආසියානු කලාපීය පාසල් චිත්‍ර තරගාවලියේ ප්‍රථම, දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා සහතිකපත් සහ ත්‍යාග ප්‍රදානය ද අගමැතිවරයා අතින් මෙහිදී සිදුවිය.

t

o

p